Tuesday, July 1, 2014

ඩයලොග් අන්තර්ජාල සම්බඳතා

ඩයලොග් අන්තර්ජාල සම්බඳතා

ආයුබෝවන් යාළුවනේ,

ඔන්න අද මම කස්ටියට දෙන්න යන්නෙ ඩයලොග් අන්තර්ජාල සැලසුම් ගැන පොඩි විස්තරයක්. දන්න සින්හලෙන් ඔක්කොම සැලසුම් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) ටික එකම තැනක බලාගන්න තියනව නම් හොඳයි නේද. අන්න ඒක නිස තමයි මේ පොස්ටොව ඔයාල වෙනුවෙන් ලියන්න අදහස් කරේ.

@@මුලින්ම අපි බලමුකො කටත් වැදගත් වෙන පෙරගෙවුම් පැකේජ පිළිබඳව. පෙරගෙවුම් පැකේජ වලත් කොටස් දෙකක් තියනව යාළුවනේ,

01.අන්තර්ජාල කාඩ්පත්
02.කාලය පදනම් කරගත් පැකේජ

@හරි එහෙනම් අන්තර්ජාල කාඩ්පත් ගැන කතා කරල ඉඳිමුකො ඉස්සෙල්ලම. මේ වගුව බලන්නකො.


මෙන්න මේ price යතතේ තියන මිලගනන් වල කාඩ්පත් ඔයාලට මිලදීගන්න පුලුවන් ඕනම Communication එකකින්. කාඩ් එක active කරන විදිය  කාඩ් එකේම තියනව. ඒත් ඔයාලට පහසුවක් වෙන්න මම එකත් පහලින් දාන්නම්. 

123 අන්කයට ඇමතුමක් අරගෙන 'beep' නාදයෙන් පසුව  ඔයලගෙ අන්තර්ජාල කාඩ්පතේ තියන රහස්‍ය අන්කය ගහන්න.

එහෙම නැත්නම් මේ විදියටත් පුලුවන්

*#123*PIN# 

අපේ සිම් එකේ සල්ලි තියනව නම් massage එකක් මගින් මෙන්න මේ විදියට active කරගන්නත් පුලුවන්

INT<පැකේජ ගාස්තුව> මේ විදියට ගහල 678 ට යවන්න

Eg: INT 49 send to 678

තව දෙයක් යාළුවනේ මේ හැම පැකේජ් එකකටම වගේ ඩයලොග් to ඩයලොග් වලට නොමිලයේ ඇමතුම් කාලයක් හා කෙටිපණිවිඩ ප්‍රමාණයක් ලැබෙනව හොඳේ.

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය


@හරි දැන් කස්ටිය දන්නවනේ ඩයලොග් අන්තර්ජාල කාඩ්පත් ගැන. එහෙනම් අපි බලමු ඩයාලොග් වල තියන කාලය පදනම් කරගත් පැකේජ ගැනත් තොරතුරු ටිකක්. පහත වගුව බලන්නකො 


ඔන්න යාළුවනේ මේ පැකෙජ වල ගේම තියෙන්නෙ කාලයත් එක්කතමයි. මෙතනින් මට න්ම් හොඳයි කියල හිතෙන්නෙ දෙවනි පැකේජ් එක. අනිවා ඔයාලටත් එහෙමයි කියල මට විස්වාසයි. මගේ ලඟ තියෙන්නෙ 7.2  වේගයක් තියන HSPA dongal එකක්. අපිට full signal තියන වෙලවට තත්පරයට 750KB එනව. 3G signal තියනව නම් මීටත් වඩා බාගත වෙන වේගය වැඩිවෙයි. මම නම් පැය 2ට 2.5GB බාගන්නව. රුපියල් 50 යි, 2.5GB, කොහොමද වැඩේ...!! මේකට බදු ගස්තුවත් අතුළුව රුපියල් 57ක් විතර කැපෙනව හොඳේ.

අහ්, කස්ටිය මෙ ටිකත් අහන්නකො, මේ පැකේජ වල  අදල කාලසීමව පැන්නට පස්සෙ MB එකකට රුපියල් 1.00 + රජයේ බදු ගාස්තු අයවෙනව. ඔයාල ඒකට බය වෙන්න එපා. අදාල කාලය ඉක්මයන්න විනඩි 10කට කලින් අපිට massage එකක් එනව. එතකොට අපිට වඩේ කලමනාකරණය කරගන්න ලේසියිනේ. මෙතනින් ඕනම එකක් සක්‍රීය  කරගන්න නම්,

KBB කියල type කරල, පැකේජ ගස්තුව type කරල, 678 ට යවන්න

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය


@ඔයාල දන්නවද යාළුවනේ මෙයාලගෙ රාත්‍රී පැකෙජයකුත් තියනව. මම ඒ ගැනත් පොඩි විස්තරයක් දාන්නම්කො, බහුතරයකට නැතත් සුලුතරයකට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව. පහල වගුව බලන්නකො. 


මේක සක්‍රීය කරන්නෙ, NT කියල type කරල, package rental එක type කරල, 678ට යවන්න

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය

@@දැන් කතා කරන්න යන්නෙ ඩයලොග් පසුගෙවුම් පැකේජ පිළිබඳවයි. මුලින්ම කියන්න ඕන යාළුවනේ අර මුලින් දීපු අසීමිත ( unlimited ) පකෙජය න්ම් දැන් දෙන්නෙ නෑ. දැන් තියෙන්නෙ දිවා හා රාත්‍රී වෙන් කරල තියන පැකේජ තමයි. මේවත් ඉතින් ලාබයි ගොඩක්. ඔන්න බලන්නකො මේ වගුව.


ලඟම තියන ඩයලොග් මද්‍යස්ථානයකට ගිහින් අදාල තැම්පතුව ( ආපසු ලබාගතහැකි ) ගෙවූ පසු මේ ඔනෑම පැකේජයක් ඔයලට ලබාගන්න පුලුවන්.

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය

ඔන්න ඩයලොග් ගැන සම්පූර්ණම විස්තරයක් දැම්ම. අනිත් ඒව ගැනත් ඉක්මනින්ම දාන්නම්කො. එහෙනම් අදට මම ගියා...

ඔයාලට සුබ දවසක්..!! 






0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com