Tuesday, July 1, 2014

හච් අන්තර්ජාල සබඳතා

හච් අන්තර්ජාල සබඳතා


ආයුබෝවන් යාළුවනේ,

@@ඔන්න අද අරගෙන ආව හච් ගැන තොරතුරු ටිකක්. හච් වලත් පෙරගෙවුම් සහ පසුගෙවුම් කියල පැකේජ ක්‍රම 2ක් තියනව. අපි මුලින්ම පෙරගෙවුම් පැකේජ ගැන බලමු.


මේ ඉහලින් දාල තියන වගුවෙ ලැබෙන ඩේටා ප්‍රමාණය, එම ඩේටා ප්‍රමණය ලැබීමට රීලෝඩ් කල යුතු මුදල් ප්‍රමාණය, උපරිම බාගත ( Download ) කල හැකි වේගය, උපරිම ආගත ( Upload ) කල හැකි වේගය සහ වලන්ගු වන කාලසීමාව ස්ඳහන් වෙලා තියනව. ඔනම කෙනෙකුට මේ වගුව බලල තෙරුම් ගන්න පුලුවන් නේ. මේ පැකේජ භාවිතාකරන අතරතුරේදි ශේෂය බලාගන්නත් ක්‍රම දෙකක් තියනව. මම ඒ දෙකත් පහලින් දාන්නම්කො.

bal කියල type කරල 344 ට කෙටිපණිවිඩයක් යවන්න 
එහෙම නැත්නම්
*344# ගහල call කරන්න

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය

මීට වඩා විශාල පැකේජ උනත් කෙටිපණිවිඩ මගින් සක්‍රීය කරගන්න පුලුවන් යාළුවනේ. මම ඒ ගැනත් පහලින් දාන්නම්කො. 


sim එකට රීලෝඩ් එකක් එහෙම දාල " How to active " එකේ තියන විදියට කෙටිපණිවිඩයක් යැවුවම තමන්ට අවශ්‍ය පැකේජය සක්‍රීය කරගන්න පුලුවන්.

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය

අහ්, පෙරගෙවුම් වලම දිවා සහ රාත්‍රී පැකෙජ කිපයකුත්  තියනව. පැකේජයට අදාල මුදල රීලෝඩ් කිරීමෙන් හෝ මුදල් ඇති වෙලවක නම් code එකක් මගින් අපිට මේ පැකේජ සක්‍රීය කරගන්න පුලුවන්. ඔක්කොම විස්තර තියන වගුවක් පහලින් දාන්නම්කො.


මෙම පැකෙජ වල උපරිම බාගත කිරිමේ වේගය 3.5Mbps ( තත්පරයකට මෙගාබයිට් ) උපරිම ආගත කිරීමේ වේගය 512Kbps (  තත්පරයකට කිලෝබයිට් ) තමයි වෙන්නෙ හොඳේ.

රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය


@@එහෙනම් ඔන්න පෙරගෙවුම් පැකේජ ගැන සේරම විස්තර ටික කියුව. දැන් අපි බලමු පසුගෙවුම් පැකේජ ගැන විස්තර ටිකක්.


ලඟම තියන හච් මද්‍යස්ථානයකට ගිහින් අදාල තැම්පතුව ( ආපසු ලබාගතහැකි ) ගෙවූ පසු මේ ඔනෑම පැකේජයක් ඔයලට ලබාගන්න පුලුවන්. ඒවගේම පැකේජ මිලදීගන්නකොට පොඩි පොඩි කොන්දේසි කීපයකුත් තියනව හොඳේ. 

පැකේජ් එකේ කාලය ඉකුත් උනාට පස්සෙ ඔයාල පාවිච්චිකරන හැම Mb එකකටම ශත 30 ක් බැගින් අයවෙනව
ආපසු ගතහැකි තැම්පතුව තැම්පත් කරාට පස්සෙ තමයි ඔයාල ගත්තු පැකේජ් එක සක්‍රීය වෙන්නෙ
ඔයාලට *444*2# මගින් හෝ DEF කියල type කරල 444 ට යවල පුලුවන් ගිනුම් ශේෂය බලාගන්න  
රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය

තවත් පසුගෙවුම් පැකේජයක් තියනව යාළුවනේ, මේක නම් දුරකතන වලට නිර්මානය වෙච්ච පකේජයක් කියල තමයි මට නම් හිතෙන්නෙ. ඔයාලත් බලන්නකො


රජයේ බදු මුදල් ඇතුලත් විය යුතුය

ඔන්න හච් ගැන සම්පූර්ණම විස්තරයක් දැම්ම. අනිත් ඒව ගැනත් ඉක්මනින්ම දාන්නම්කො. එහෙනම් අදට මම ගියා...

ඔයාලට සුබ දවසක්..!! 



0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com