සුපිරිම සුපිරි SIM එකක්
ආයුබෝවන් යළුවනේ,
කොහොමද ඔයලට, ඔන්න හා හා පුරා කියල මාත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත. මගේ පළවෙනිම පෝස්ටුව තමයි මේ ලියන්නෙ. මේක ඉතින් එක්තරා විදියක කලාවක්ම තමයි. හා හා කතා ඇති, අපි බලමු මොකක් ගැනද මේ කියල.
ඔයාල මොනවද දන්නෙ Super SIM ගැන? මම ඒව ගැන පොඩි විස්තර ටිකක හොයාගත්ත. අන්න ඒ ටික තමයි මගේ මුල්ම ලිපියෙන් ඔයලට කියල දෙන්න යන්නෙ.
Super SIM එකකට සාමන්යෙන් SIM කාඩ් 16ක විතර අන්ක අතුලත් කරල තියන්න පුලුවන්. අපිටත් මෙයින් එකක් තියනව නම් ප්‍රයෝජන ගොඩක් තියනව නේද යාළුවනේ. නිතරම සිම් මාරු කර කර කරදර වෙන්න ඕනවෙන්නෙ නෑ. හරිම සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ. දුක (ජන්ගම දුරකතනාය ) මුල් වතාවට නිසා දිග වචනෙත් දැම්ම ඔන්න, off කරල on කරනකොට අවශ්‍ය දුරකතන අන්කය තෝරා දීම විතරයි කරන්න තියෙන්නෙ.
e-bay ඉන්න අපේ යළුවන්ට මිලදී ගන්නත් මම ලින්කුවක් දාන්නම්කො. කැමති කෙනෙකුට මෙතනින් ගිහින් ඇනවුම කරන්නත් පුලුවන්. බලන්නත් පුලුවන්.
අහ්, මේ Super SIM එකට අන්ක ඇතුලත් කරන්න තියෙන්නෙ කාඩ් රීඩර් එකක් මගින්. කාඩ් රීඩර් එකත් එක්කම නම් ටිකක් මිල වැඩියි. කාඩ් රීඩර් එක නැතුව නම් මිල අඩුයි. ඒත් අපේ කස්ටියට නම් කාඩ් රීඩර් එකත් එක්කම තමයි ගන්න වෙන්නෙ. මොකද අපි පවිච්චි කරන කාඩ් රීඩර් තියෙන්නෙ SD CARD රීඩ් කරන්න නෙ. Super SIM එකට ලැබෙන්නෙ SIM CARD රීඩර් එකක්.
ඔන්න මම දන්න ටික අහවරයි. ඔයාලත් මේ ගැන දන්න මොනව හරි තියනව න්ම් කොමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා හොඳේ. එහෙනම් මම ගියා...
හැමෝටම සුබ දවසක්..!!