ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම
ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලදෙන්න සූදානම් වෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම සම්බඳව කරුණු ටිකක්. අපි පිළිවෙලට දැනගමු යාළුවනේ,
- මොකක්ද මේ රූට් කරනව කියන්නෙ
- ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරහම අපිට මොනවද ලැබෙන්නෙ
- කොහොමද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරන්නෙ
මුලින්ම අපි බලමු, මොකක්ද මේ රූට් කරනව කියන්නෙ ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරහම අපිට මොනවද ලැබෙන්නෙ කියල.
රූට් කරනව කියල කියන්නෙ යාළුවනේ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන්ගෙ අතට ගන්නව කියන එකයි. ඕනම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ගත්තහම, අපිට වැඩ කරන්න වෙන්නෙ Guiest කෙනෙක් විදියට, අපිට කවදාවත් Administrator කෙනෙක් විදියට වැඩ කරන්න ඒ සමාගම් ඉඩතියල නෑ. අපි කරන්නෙ මේක රූට් කරල Administrator කෙනෙක් විදියට, ඒ කියන්නෙ දුරකථනයේ සම්පුර්ණ පාලනය තමන්ගෙ අතට අරගෙන වැඩ කරන්න පුලුවන් විදියට හදාගන්න එකයි.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කරහම ගොඩාක් වාසි ත්හියනව යාළුවනේ, ඒ වගේම එකම එක අවාසියකුත් තියනව කියල මතක් කරන්නත් ඕන.
මුලින්ම රූට් කරහම තියන වාසි ගැන කතා කරල ඉමුකො,
- internal Memory එකට save වෙන apps, External Memory ( SD Card ) එකට move කරන්න පුලුවන්.
- අනවශ්‍ය System apps කරදරයක් නැතුවම අයින් කරගන්න පුලුවන්.
- වෙනත් දුරකථන වල System apps ( Boot Animation / Shutdown Animation )වගේ තමන්ගෙ දුරකත්නයට දාගන්න පුලුවන්.
- දුරකථන්යේ වේගය මදි වගේ නම් OverClock පාරක් දාගන්නත් බැරිකමක් නෑ.
- රූට් සඳහාම ඇති apps වලින් වැඩක් ගන්නත් පුලුවන්. ( දුරකථනය ලස්සන කරගැනීමට වගේ )
- රූට් කරාම දුරකථනයේ තියන වගකීම ( Warrenty ) අවලන්ගු වෙනව.
මුලින්ම නවීන් නිසල් සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනව. මොකද මමත් මේ ක්‍රමය ඉගනගත්තෙ එයාගෙන් තමයි.
එහෙනම් අපි වැඩේට බහිමු, මුලින්ම මෙන්න මේ මෘදුකාන්ගය අරගෙන ඉන්නකො. 9MB වගේ තමයි ඇත්තෙ.
මේකෙ භාෂාව අවුල් නම් මෙන්නෙ English Virsion එක
අරගෙන PC එකට Install කරගන්නකො.
ඊට පස්සෙ ඔයාලගෙ දුරකතනයේ USB Debugging සහ Unknown Source on කරල, PC එකට Connect කරන්නකො. USB Debugging සහ Unknown Source, Settings වල තියනව හොඳේ.
ඔයාලට මේ ලොකු ඊතලෙන් පෙන්නල තියන තැන දුරකතනයේ නම පෙන්නවි. ඊට පස්සෙ පොඩි ඊතලේ තියන තැන තියන Button එක ඔබන්න. මගේ ලා පාටට තියෙන්නෙ මම රූට් කරල තියන නිසා හොඳේ. ඔයාලගෙ තද නිල් පාටින් පෙන්නවි.
වැඩේ ඉවර උනාම දුරකථනය Auto Re-boot වෙනව එකපාරක්. ඊට පස්සෙ බලන්නකො මෙන්න මේ විදියට icon එකක් ඔයාලගෙ දුරකථනයේ තියනවද කියලා.
දුරකථනයේ එන icon එක වෙනස් වෙන්න පුලුවන් යාළුවනේ හොඳද. මේ ක්‍රමයට ගොඩාක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කරන්න පුලුවන්. ඔයාලත් බලන්නකො කරල, අනිවා පුලුවන් වෙයි. මේක තමයි රූට් වලට සාර්ථකම ක්‍රමය මම දන්න තරමින්.
එහෙනම් ඔන්න මම ගියා...
ඔයාලට සුබ දවසක්...!!
0 comments:
Post a Comment