බ්ලොග් එකට Moving Text එකක් දාමු
ආයුබෝවන් යාළුවනේ,
අද මම ඔයාලට කියලදෙන්න යන්නෙ ඔයාලගෙ බ්ලොග් එකට Moving Text එකක් ඒ කියන්නෙ " ගමන් කරන වචන පේලියක් " දාගන්නෙ කොහොමද කියල. ඔය මම උඩින් දාල තියන එක බලන්නකෝ, කොහොමද, ලස්සනයි නේද. ඔයාල කැමති ඕනම දෙයක් මේකට දාල ගමන් කරන විදියට හදාගන්න පුලුවන්. පින්තූරයක් උනත් දාගන්න පුලුවන් කැමති නම්. හරි වැඩි කතා ඕනනෑ අපි වැඩේට බහිමු.
පළමු පියවර
ඔයාලගෙ බ්ලොග් එකට ගිහින් ඒකෙ වම් පැත්තෙ " Layout " තියන එකට යන්න.
දෙවන පියවර
ඊලඟට දකුනු පැත්තෙ තියන Add Gadget click කරන්න. ඔයාල කමති තනක තියන Add Gadget එකකට මේක දාගන්න පුලුවන්.
එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් open වේවි.
තෙවන පියවර
මේකෙ ටිකක් පහලට යනකොට තියනව HTML/JavaScript කියල, අන්න ඒක select කරන්න.
දැන් ඔයලට මෙන්න මේවගේ window එකක් open වෙයි.
සිවුවන පියවර
මෙතන Title කියන තැනට ඔයලට කැමති මතෘකවක් දාන්න පුලුවන්. Content කියන තැනට තමයි code එක දාන්න ඕන. මම දාල තියන එක පහලින් දාන්නම්. උදාහරනයක් වශයෙන්. බලන්නකො
මෙන්න මෙතනින් ඔයාලට පුලුවන් එක එක විදියට ගමන් කරන moving text ගොඩක codes ගන්න. preview එක බලල තමන්ට ඕන moving text එකේ code එක copy කරල, Content කියන තැන තියන box එකේ paste කරන්න. අන්තිමට save කරල save Arrangement කරල බ්ලොග් එක reload කරන්න.
ඔන්න වැඩෙ අහවරයි. මොකක් හරි අවුලක් අවොත් comment එකක් දාන්න. එහෙනම් මම ගියා...
සුබ දවසක්...!!
1 comments:
සුපිරියි මචං
Post a Comment