බ්ලොග් එකට Custom Template එකක් දාමු
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ බ්ලොග් එකට Custom Template එකක් දාන්නෙ කොහොමද කියල. මේ වැඩෙන් තමයි අපේ බ්ලොග් එක ගොඩක් ලස්සන කරගන්න පුලුවන් වෙන්නෙ. HTML, CSS, PHP එහෙම හොඳට අතගාල තියන වැඩ්ඩෙක් නම් තමන්ටම හදාගන්න පුලුවනි ඕන ඕන විදියට. ඒත් අවුල වෙලාතියෙන්නෙ අපේ කස්ටියට මේව එච්චර බැරි එක නේ. අන්න ඒකට තමයි මෙන්න මෙහෙම විසඳුමක් දෙන්න පුලුවන් වෙන්නෙ. අන්තර්ජාලයෙ ඕන තරම් තියනව templates . අපිට තියෙන්නෙ කැමති එකක් බාගෙන නිවරදි පිලිවෙළට බ්ලොග් එකට apply කරගන්න එකයි. හරි එහෙනම් වැඩි කතා ඔන නෑ, අපි වැඩේට බහිමු.
01.මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකේ Dashboard එකට යන්න. ඒකෙ වම් පැත්තෙ පහල තියනව Template කියල එකක්, අන්න එකට යන්න.
මෙන්න මේ වගේ window එකක් ඔයාලට පෙනේවි
02.මේකෙ දකුණු පැත්තෙ උඩ තියනව Backup/Restore කියල button එකක් ඒක click කරන්න.
Note
මෙතෙන්දි අපිට අපේ දැනට තියන Template එකේ Backup එකක් අනිවාම ගන්න වෙනව. මොකද, වැඩෙ කෙල උනොත් හරි, මොකක් හරි අවුලක් ආවොත් හරි අපිට අපි ගන්න Backup එක Restore කරල බ්ලොග් එක තිබුණු තත්වෙට ගන්න පුලුවන්. ඒක අරගෙනයි ඊලඟ පියවරට යන්න ඕන.
ඊලඟ පියවරට යන්න කලින් තවත් දෙයක් මතක් කරන්න ඕන. මේ Blog Template ගන්න එක එක site තියනව. මම පහලින් දාන්නම් හොඳ site එකක්. මෙතනින් ඔයලට ගොඩක් වර්ග වල Templates free ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. Preview එකක් බලලම හොඳ න්ම් තෝරල අරගන්න.
Backup/Restore Button එක click කරාම ඔයාලට මෙන්න මේ වගේ එකක් දකින්න ලබේවි
Note
මේ window එකේ Download full template button එකෙන් තමයි අපේ දනට තියන template එකේ backup එකක් ගන්නෙ. Button එක ඔබපුගමන් xml file එකක් විදියට backup එක ඩවුන්ලෝඩ් වෙයි.
ඩවුන්ලෝඩ් කරපු xml file එක choose file වලින් තොරල upload කරාම upload වෙලා ඔයලගෙ බ්ලොග් එකට apply වෙයි.
05.අලුත් template එකක් දාගන්නකොට අපි කරන්න ඕන, ඩවුන්ලෝඩ් කරපු template එක extract කරල ඒකෙ තියන xml file එක තෝරගෙන choose file වලින් තෝරල upload කරන්න. එතකොට අලුත් template එක ඔයාලගෙ බ්ලොග් එකට upload වෙයි.
මම පහලින් දන්නම් මගේ බ්ලොග් template එකේ xml flie එක හොයාගත්තෙ කොහොමද කියල.
06.දැන් ඔයල view blog කරල බලන්න. අලුත් template එක ඔයාලගෙ බ්ලොග් එකට වැටිල තියේවි.
ගැටලුවක් ආවොත් comment එකකින් හරි අහන්න. එහෙනම් අලුත් පෝස්ටුවකින් හමුවෙමු.
ඔයාලට සුබ දවසක්...!!
0 comments:
Post a Comment