ලියපු බ්ලොග් පෝස්ට් එක DELETE උනාද...??
ආයුබෝවන් යාළුවනේ,
පනදාගෙන ලියාගෙන යන, එහෙම නැත්නම් ලියපු පොස්ටුවක් Delete උනාම තියන දුක, වේදනව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ යාළුවනේ නේද. ඔන්න ගෙනාව ඒකට නියම විසඳුමක්. මේකෙන් පුලුවන් වැඩේ ගොඩ දාගන්න. ඔන්න අද ඉඳන් පොස්ට් Delete උනාට නම් බයවෙන්න දෙයක් නෑ. මමත් මේ ක්‍රමේට තමයි වැඩේ ගොඩ දාගත්තෙ. මට වගේම ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල හිතලයි ඔයාලටත් කියලදෙන්න අදහස් කරේ. හැමෝටම නැතත් අපේ බ්ලොග් ලියන යාළුවන්ට නම් ගොඩක් වැදගත් වෙනව සිකුරුයි. හරි අපි එහෙනම් බලමුකො වැඩේ කරන්නෙ කොහොමද කියලා,
ඔයාල භාවිතා කරන web browser එකේ History වලට යන්නකො. මම නම් භාවිතා කරන්නෙ Google Chrome ( Ctrl + H ගැහුවත් හරි )
මෙතනින් කොහොම හරි සොයාගන්න ඕන ඔයාලගෙන් Delete වෙච්ච පෝස්ට් එක Edit කරපු ලින්කුව. බ්ලොග් පෝස්ට් වලට සම්බඳ ලින්කු එක එක Click කර කර බලන්න.
හරි ලින්කුව ආවහම අර Delete වෙච්ච පෝස්ට් එක New Tab එකකින් open වෙයි. ඒත් ඔයාලට ඒක එහෙමම Publish කරන්න දෙන්නෙ නෑ, මොකද පෝස්ට් එක Delete වෙලානෙ තියෙන්නෙ.
ඒකට විසඳුම මෙන්න මේකයි යාළුවනේ,
ඔයාලගෙ බ්ලොග් එකේ අලුතෙන් පොස්ට් එකක් ලියන්න අරගන්න.
දැන් අර ලින්කුවෙන් open කරගත්තු පොස්ට් එකෙන් copy කර කර paste කරල අලුත් පොස්ටුව හදාගන්න. ඔයාලගෙන් Delete වෙච්ච පොස්ට් එකේ දාල තිබුනු ලින්කුත් copy වෙනව ගේමක් නැතුව, ඒ වගේම ඒව කිසි අවුලක් නැතුව වැඩකරනව, ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ හොඳේ.
එහෙනම් ඔන්න වැඩේ අහවරයි, අලුත් පෝස්ටුව Publish කරල බලන්නකෝ. එකෙනම් මම ගියා...
ඔයාලට සුබ දවසක්...!!
0 comments:
Post a Comment