Huawei E 153 ඩොන්ගල් එකට Mobile Partner දාන්නෙ මෙහෙමයි
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ Huawei E 153 ඩොන්ගල් එකට Mobile Partner Softwear එක දාන්නෙ කොහොමද කියල. ගොඩක් අය ඉතින් ඩයලොග් එකෙන් තමයි හා හා පුරා කියල ඩොන්ගලයක් ගන්න ඇත්තෙ මුලින්ම නේදෙ? ඒකත් lock කරපු එකක්. ඒකෙ අවුලක් නෑ Mobile Partner ගහනකොට ඩොන්ගල් එකත් Unlock වෙනව නිකන්ම.
හරි, ඇයි අපි මේකට Mobile Partner දාන්නෙ? ඔය තියන ඩයලොග් එකෙන්ම වැඩ කරාම ඉවරයි නෙ..!!
මේක දාගත්තම අපිට අපේ වැඩ ගොඩක් පහසුවෙන් කරගන්න් පුලුවන් යාළුවනේ. දැන් අපි පෙරගෙවුම් සිම් එකක් භාවිතාකරනව නම්, ඒකට කාඩ් එකක් දාගන්න, අන්තර්ජාල කාඩ්පතක් දාගන්න, අන්තර්ජාල පැකේජයක් සක්‍රීය කරගන්න වගේ වැඩ වලට නිතරම සිම් එක ගලවන්න වෙනවනෙ. Mobile Partner මෘදුකාන්ගය තියනව නම් ඔය ඔක්කොම වැඩ ටික සිම් එක ගලවන්නෙ නැතුවම කරගන්න පුලුවන්. Mobile Partner තියන එක කොච්චර පහසුවක්ද කියල දැන් ඔයාලටම තේරෙනව නේ. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.
මුලින්ම මෙන්න මේ ලින්කුවට යන්නකො. ගිහින් Huawei E 153 තෝරන්න. ( මෙතනින් ඕනම ඩොන්ගල් එකකට Mobile Partner දාන්න පුලුවන් හොඳේ. පිළිවෙල මේකමයි. මම කරේ Huawei E 153 ඩොන්ගල් එකක් නිසයි මේ ගැන දාන්නෙ )
මෙතනින් ලින්කුවට යන්න
ඊට පස්සෙ Download Huawei E 153 Dashboard Update තෝරන්න
එතකොට ඔයාලට අදාල මෘදුකාන්ගය බාගත වෙයි. Zip file එකක් තමයි එන්නෙ. බාගත කරල ඒක Extract කරගෙන ඉන්නකො.
ඊලඟට Desktop එකේ task bar එකේ තියන සිග්නල් ලකුන උඩ කරන්න. ( මගේ තියෙන්නෙ windows 8 හොඳේ )
මෙන්න මේ වගේ ලැබුනම, එතනින් Dialod Broadband (postpaid) select කරල connect කරන්න. ( මෙතන ගොඩක් අයගෙ ඇත්තෙ ඩයලොග් මම දන්න තරමින්. අනිත් කට්ටියත් තමන්ගෙ තියන connection තෝරල connect කරන්න )
මෙහෙම කරහම ඩොන්ගල් එක close වෙලා තියෙන්නෙ. ඒත් අන්තර්ජලයට යන්න පුලුවන් කම තියෙන්න ඕන. මෙහෙම කරල ඔයාල අන්තර්ජලයට ගිහින් පොඩ්ඩක් බලන්න යන්න පුලුවන්ද කියල, පුලුවන් නම් වැඩේ ගොඩ.
දැන් අර බාගනිපු මෘදුකාන්ගය ඇඩ්මිනිස්ට්‍රේටර් හරහා වැඩ කරවන්න. ( Run as Administrator දෙන්න )
ගේමක් නෑ, සුපුරුදු විදියට install කරන්න. අන්තිමට මෙහෙම ඒවි, ok කරල finish කරන්න.
දැන් ඩොන්ගල් එක ගලවල අපහු ගහන්න. එතකොට Mobile Partner install කරන්න අහනව ඔයාලගෙ කොම්පියුටර් එකේ, නෝමල් විදියට කරන්න.( ඩොන්ගල් එකක් අලුතෙන් ගැහුව වගේ ) Install කරල open කරාම මෙන්න මේ වගේ තියේවි.
ඔයාලට මෙහෙම අන්තර්ජාලයට connect වෙන්න බැරි උනොත්, මෙන්න මේ විදියට පුලුවන් ඒ ගැටලුව හදාගන්න.
@ මුලින්ම, Tools වල තියන options වලට යන්න. එතනින් Profile Management තෝරන්න
ඩයලොග් - ppwap
හච් - HUTCH3G
එයාටෙල් - AirtelInternet
මොබිටෙල් - mobitel3g
එටිසලාට් - wap / web
මගේ තියෙන්නෙ දැනට හච්.
දැන් new වලට ගිහින්, profile name එකට ඔයාල කැමති නමක් දෙන්න, APN එක Static කරල hutch3g දෙන්න, Access Number *99# දෙන්න, save කරන්න.
ඊලඟට Default කරන්න.
දැන් කරල බලන්න මෙන්න මේ විදියට වැටිල ඇති. Connect කරල බලන්නකො, ගින්දර වගේ වැඩ ඇති. මගේ නම් connect උනා ලස්සනට.
ඔක්කොම හරිනේ, එත් ඔයාලට පොඩි අවුලක් පේනවද යාළුවනේ..!! මේකෙ USSD කෝඩ් ගහන්න බෑ නේද, බය වෙන්න එපා යාළුවනේ මම ඒක හදාගන්නත් ක්‍රමයක් කියන්නම්කො. Mobile Partner 16 සන්ස්කරණයෙ මේ පහසුකම තියනව. අපි කරන්න ඕන, ආපහු සැරයක් දැනට කරල තියන Mobile Partner කරල, Mobile Partner 16 සන්ස්කරණය install කරන එකයි. එතකොට වැඩේ සම්පූර්ණයෙන්ම අහවරයි. පහලින් සන්ස්කරණය අරගෙන කරගන්නකො එහෙනම්.
මේක දාගත්තට පස්සෙ, අන්තර්ජලයට සම්බඳ කරන්න ගියාම, අර ඔයාල දැන් ටිකකට කලින් හදපු නම වැටෙන්නෙ නැත්නම් කලින් පියවර ටික ආපහු සැරයක් කරන්න. මම පටන්ගන්න ඕන තැනින් @ ලකුන දාල තියනව හොඳේ.
දැන් ඔයාලට call ගන්නත් ප්ලුවන්, sms ගහන්නත් පුලුවන්, පැකේජ ස්ක්‍රීය කරන්නත් පුලුවන් ( USSD ), video calls ගන්නත් පුලුවන්. වැඩේ නම් සුපිරියි නේද යාළුවනේ. ඕන් එහෙනම් මම ගියා.
ඔයාලට සුබ දවසක්...!!
Special Thanks, Thilan Chandima
0 comments:
Post a Comment