Tuesday, July 8, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිතයේදී වැදගත්ම දෙවල් තුනක්

Play Store, Android Market සහ 
mobogenie


ආයුබෝවන් කියල පිළිගන්නව කස්ටියම,

අද අපි ඇන්ඩ්‍රොයිඩ් දුරකතන බාවිතයේදී වැදගත්ම දෙවල් තුනක් ගැන දැනගනිමු නේද..!  මේවා නොදන්න කෙනෙක් නැහැ අදකාලෙ, නමුත් ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් කෙනෙක්ට නම් ගොඩක් වැදගත් වෙනව සහතිකයි. මම දන්න තරමින් යලුවනේ, Android Market තමයි පස්සෙකාලෙක Google Play Store බවට පරිවර්තනය වෙලා  තියෙන්නෙ.  2011 විතර තිබුනු දුරකතන වල නම් තිබුනෙ Android Market කියල මට මතකයි. ( Sony Ericsson x10mini, mini pro වගේ ) 

Android Market එකේ පින්තූරෙකුත් දාන්නම්කො අමතක කස්ටියට පොඩ්ඩක් මතක් වෙන්න.


01. Google Play Store 


මොකක්ද යාළුවනේ මේ Play Store කියන්නෙ..!! මේකෙ ආරම්භය එහෙම කොහොමද..!! ගොඩක් යාළුවො පවිච්චිකරනව විතරයිනේ, හරි මම ඔයාලට ඒ ගැන ටිකක් කියල දෙන්නම්කො.

මුලින්ම අපි  Play Store වල ඉතිහසය ටිකක් දැනගෙන ඉමුකො. කොහොමත් ඕනම දේක එතනින් නෙ අපි පටන්ගන්නෙ.

Google සමාගම මුලින්ම Android Market ආරම්භ කරල තියෙන්නෙ 2008 අගෝස්තු 28 වෙනිද. ඒ වගේම මේක ඔක්තෝබර් 22 වෙනකන් භාවිතාකරන අයට වෙනස්කම් කිරිමට අවස්තාව ලබාදීලත් තියනව. ඔක්කොමල දන්න විදියට කියනව නම් Open Source ( Ubuntu, Linux ) වගේ. මුලින්ම මේකෙ දීල තියෙන්නෙ මුදල් ගෙවල ගන්න apps විතරයි. 2009 පෙබරවාරි 13 තමයි මේව හඳුන්වල දීල තියෙන්නෙ, ඇමරිකා එක්සත් ජනපදය  සහ එක්සත් රාජදානිය යන රටවල Developers ල විසින්. 2010 සැප්තැම්බර් 30 අලුතින් රටවල් 10 කටත් Play Store හඳුන්වල දීල තියනව. අද වෙනකොට න්ම් මුදල් ගෙවල් ගන්න apps වගේම නොමිලයේ ගන්න apps නුත් ඕනතරම් Play Store එකේ තියනවනේ. අපි ඉතින් ඔක්කොම වගේ දුවන්නෙ නොමිලයේ දෙන  apps වලින් තමයි නේද යළුවනේ. ගොඩක් apps වල pro සන්ස්කරණය තමයි මුදල් ගෙවල ගන්න තියෙන්නෙ. අපිට pro මොකටද free version එකෙත් pro එකෙන් වෙන ටිකම වෙනව නම්..!! :) 

Play Store පිළිබඳව පොඩි හරි දැනීමක් අපේ යාළුවන්ට ලැබෙන්න ඇති කියල විස්වස කරනව. මොනව හරි ප්‍රශ්නයක් තියනව නම් කොමෙන්ට් 1ක් දාන්නකො.

02. Mobogenie


මොකක්ද යාළුවනේ මේ Mobogenie කියන්නෙ..!! මේකෙන් පුලුවන් Play Store එකේ තියන apps බාගත කරල දුරකතනයට install කරන්න. ඒ කියන්නෙ ජන්ගමේ PC එකට Connect කරල PC එකෙන් අන්තර්ජාලයට ගිහින් තමයි බාගත කරන්න තියෙන්නෙ. මේකෙ තවත් ව්ශෙෂත්වයක් තියනව යාළුවනේ, මේකෙන් අපි බාගත කරන හැම app එකකම Setup File එකත් බගත වෙනව. හදිසියෙවත් කලින් බගත කරපු app එකක් නැවත අවශ්‍ය උනොත් ජන්ගමේ PC එකට ගහල Mobogenie හරහා  Install කරන එක විතරයි තියෙන්නෙ. ආයෙත් බාගත කරන්න දෙයක් නෑ. අහ්, ඔයාල හදිසියෙ වත් මෙ Application එක PC එකෙන් Un Install කරොත් ඔයා බගත කරපු ඇන්ඩ්‍රොයිඩ් apps වල Setup File ටිකත් Delete වෙලා යනව හොඳේ.


ඔන්න එහෙනම් අපි ගියා... සුබ දවසක් ඔයාල ඔක්කොටම...!!







0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com