Sunday, July 6, 2014

බ්ලොග් එකට Face Book Like Box එකක් දාමු

බ්ලොග් එකට Face Book Like Box එකක් දාමු


ආයුබෝවන් යාළුවනේ,

ඉතින් කොහොමද ඔයාලට, අද මම ඔයාලට කියලදෙන්නම් අපේ බ්ලොග් එකට Facebook Like Box එකක් දාගන්නෙ කොහොමද කියල. මේක කරන්න නම් ඉතින් මුලින්ම ඔයාල ඔයාලගෙ බ්ලොග් එකට අදාල Facebook පිටුවක් හදල තියෙන්න ඕනෙ. තවම බ්ලොග් එකට අදාල Facebook පිටුවක්  නැති කස්ටිය පහල තියන ලින්කුවෙන් ගිහින් පිටුවක් හදාගෙනම ඉන්නකො. මේක දන්න යාළුවො ගොඩක් ඇති, ඒ උනාට අපි මුල ඉඳලම වැඩේ පටන් ගනිමු. මොකද මේක ගැන නොදන්න එක්කෙනෙක් හරි හිටියොත් මේ පොස්ටුව ගොඩක් වැදගත් වේවි. හරි එහෙනම් අපි මුල ඉඳලම වැඩේට බහිමු. මේ පියවර ටික ගානට කරහම වැඩේ ගොඩ හොඳේ.


ඔයාලගෙ ඔක්කොම බ්ලොග් පොස්ට් මේ Facebook Page එකට දාන්න හොඳේ.

හරි, අපි දැන් බලමු බ්ලොග් එකට Facebook Like Box එකක් දාගන්නෙ කොහොමද කියල. ඉස්සෙල්ලම මේ ලින්කුවට යන්නකො.


මේ ලින්කුවට ගියාම ඔයාලට මේ වගේ page එකක් තමයි open වෙන්නෙ.

01.ඒකෙ Social Plugins  වල Facebook Page URL  වලට ඔයලගෙ Facebook පිටුවේ URL එක copy කරල paste කරන්න. URL එක නිවරදි නම් පහලින් ඔයාලගෙ Like Box එකේ preview එකක් පෙන්නාවි. 


02.දැන් පහල තියන Get Code button එක click කරන්න. (මෙතනින් තව ටිකක් තමන්ට කමති විදියට       Like box එක එඩිට් කරල ගන්නත් පුලුවන්. Try කරල බලන්නකො ) එතකොට ඔයාලට code එකක්   open වෙයි. ඒ window එකෙ උඩ තියන tab වලින් IRFRAME තෝරල එන code එක copy කරල   ගන්නකො.


03. දැන් ඔයාලගෙ බ්ලොග් එකේ dash board එකට ගිහින්, Layout වලට ගිහින්, add a gadget යන්න. එතනින් එන ලිස්ට් එකේ HTML/Java Script තෝරන්න. දැන් copy කරගෙන ආපු code එක content කියන තැන paste කරන්න. කැමති title එකකුත් දෙන්න. ඊලඟට save කරල, save arrangement කරල බ්ලොග් එක view කරල බලන්නකෝ. Facebook like box එක බ්ලොග් එකට add වෙලා තියෙයි. 


මෙන්න මෙහෙමයි Like box  එක බ්ලොග් එකේ තියෙන්නෙ.


ඔයාලට තවත් ලේසිවෙන්න මම පොඩි වීඩියෝ කෑල්ලකුත් දාන්නම්කො, ඉංගිරිසි වැඩිය ඕනනෑ බලුවාම තේරෙනව.


ඔන්න වැඩේ අහවරයි. ප්‍රශ්ණයක් අවොත් comment එකකින් or e-mail එකකින් අහන්න. එහෙනම් අදට මම ගියා.

ඔයාලට සුබ දවසක්...!!





0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com