Monday, July 14, 2014

Anycall Samsung Galaxy S2 එක International කරන්නෙ මෙහෙමයි

Anycall Samsung Galaxy S2 එක International කරන්නෙ මෙහෙමයි


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ Anycall Samsung Galaxy S2 එක කොහොමද International Samsung Galaxy S2 එකක් බවට පත් කරගන්නෙ කියල. මුලින්ම අපි පොඩ්ඩක් බලමු, Anycall Samsung Galaxy S2 එකක් හඳුනාගන්නෙ කොහොමද, ඇයි මේක International කරගන්න මෙච්චර කස්ටිය දඟලන්නෙ, මොනවද anycall එකකට වඩා International එකේ තියන වෙනස්කම් සහ වාසි කියල. 

මුලින්ම අපි බලමු බැලූ බැල්මට එකක් Anycall Samsung Galaxy S2 හඳුනාගන්නෙ කොහොමද කියල, 
  • ඒරියල් එකක් තියනව
  • Camara එකට පොඩ්ඩක් පහලින් ලාන්ඡනය තියනව
  • Manu එක එබුවම කොරියන් Apps ගොඩාක් ඇති. කොරියන් භාශාවෙන් තමයි ඒව තියෙන්නෙ
  • ICS ( Ice-cream Sandwitch ) තමයි මෙහෙයුම් පද්දතිය තියෙන්නෙ
  • SMS එකක කොටන්න පුලුවන් අකුරු 180ක් විතරයි
  • Battry Contacts පිහිටල තියෙන්නෙ Battry එකේ විරුද්ද පැත්තෙන් ( සාමන්‍ය S2 Battry එකක battry Contacts දකුණු පැත්තෙන් තියනව නම්, Anycall වල තියෙන්නෙ වම් පැත්තෙන් )
ඊලඟට බලමු , ඇයි මේක International කරගන්න මෙච්චර කස්ටිය දඟලන්නෙ, මොනවද anycall එකකට වඩා International එකේ තියන වෙනස්කම් සහ වාසි කියල
  • SMS ප්‍රශ්නය නිවරදිව හදාගන්න පුලුවන්
  • Anycall වල තියන වදකාර කොරියන් ලෝඩ් එකම අයින්වෙනව
  • මෙහෙයුම් පද්දතිය International එකක් වගේම Jelly bean වෙනව ( ඒරියල් එකයි Back Cover එකයි අයින් කරල, International  එකක Housing එකක් දැම්මොත් නම් අයෙ පිටින් බලල අන්දුරන්නම බෑ  )
  • On වෙන්නෙත් International එකක් වගේමයි
  • International Samsung Galaxy S2 එකට එන Custom Rom එකක් ගහල Kit Kat උනත් දාගන්න පුලුවන්
හරි එහෙනම් පොඩිහරි දැනීමක් ආවනේ ඔයාලට, එහෙනම් අපි වැඩේට බහිමු කෙලෙන්ම

මුලින්ම ඔයාලගෙ දුරකථනයේ Contacts, SMS වගේ එව backup කරගෙන ඉන්නකො. ඔන්න කියුවෙ නෑ කියන්න එපා හොඳේ.

මේ වැඩේට මෙන්න මේකත් හොඳ එකක්. ( PlayStore ලින්කුව )

ඊලඟට මෙන්න මේ ටික බාහත කරගෙන ඉන්නකො
  1. International Jelly bean 4.1.2 Firmware එක මෙතනින් බාගන්න 
  2. PIT File එක මෙතනින් බාගන්න
  3. ODIN මෘදුකාන්ගය මෙතනින් බාගන්න
  4. Samsung UBB Drivers මෙතනින් බාගන්න
මුලින්ම Samsung UBB Drivers ඔයාලගෙ පරිඝනකයට ස්ථාපනය කරගන්නකො.

දුරකථනයේ Battry 80% වත් තියෙන්න ඕන, මොකද වැඩේ කරන අතරෙදි Battry බැස්සොත් වැඩේ කෙලවෙනව හොඳේ.

ඒ ටික හරි නම් දුරකථනය off කරල battry එක ගලවල තත්පර 10 කින් අපහු දාන්න. ( දුරකථනය on කරන්න එපා හොඳේ )

දැන් දුරකථනය Download mode එකට ගන්න ඕන

  • Volume down + Home key + Power button එකට ඔබාගෙන දුරකථනය පරිඝනකයට සම්බඳ කරන්න. එතකොට මෙන්න මෙහෙම පෙනේවි display එකේ 

දැන් Volume up key එක ඔබන්න, ඔන්න ඔයාලගෙ දුරකතනය Download mode එකට ඇවිල්ල තියෙන්නෙ


දැන් ODIN මෘදුකාන්ගය open කරගන්නකො ( මතක ඇතුව Run as Administrator දෙන්න හොඳේ ) මගේ තියෙන්නෙ windows 7.

බලන්න ODIN එකේ ID:COM වලට පහලින් තියන කොටුව කහ පාට වෙලාද කියල, එහෙම වෙලා න්ම් වැඩේ ගොඩ.

ODIN එකේ PIT කියන Button එක Click කරල ඔයාල බාගනිපු PIT file එක තොරල දෙන්න.

ඒ වගේම PDA කියන Button එක Click කරල ඔයාල බාගනිපු jelly bean Firmware එක තොරල දෙන්න. ( ඔයාල බාගනිපු Firmware එක Extract කරාම තියන file එකයි මෙතෙන්ට දෙන්නෙ හොඳේ )

එහෙනම් ආයෙත් ODIN එකේ බලන්න Re-Partition, Auto Reboot & F.Reset Time . එවට Tick දාල නැත්නම් දැන් Tick දාන්න

ඔක්කොම හරිද කියල තවත් සැරයක් බලල එහෙම Start Button එක ඔබන්නකො


දැන් flas වෙන්න පටන් ගනීවි, වැඩේ අවසන් උනහම දුරකතනය Auto Reboot වෙවි. පලවෙනි වතාව වෙන්න ටිකක් වෙලා යනව යාළුවනේ හොඳේ.

දැන් බලන්න Power Button එක ඔබපු ගමන් Power off වෙනවද කියල, හරි එහෙනම් එකත් මේ ගමන්ම හදාගමුකො

මේ Update.zip එක බාගන්න
  1. මේක දුරකතන්යේ  SD card එකට දාගන්න
  2. ආපහු Recovery වලට යන්න, ( Volume down + Home key + Power button  )
  3. දැන් Apply zip from sd card තෝරල අර Update.zip එක තෝරල දෙන්නෙ
  4. ඒක flash වෙලා ඉවර උනහම Reboot තෝරන්න. ( දුරකතනය on වේවි )
Root Explorer මෙතනින් බාගන්න
  1. Root explorer open කරලා  /efs/imei කියන folder එකට යන්න
  2. දැන් Manu එක ඔබලා Create New file ගිහින් file එකක් හදන්න
  3. ඒක නම් කරන්න keystr කියල
  4. දැන් ඒ හදපු file එක උඩ tourch කරගෙන ඉන්න්කො ටිකක්
  5. එන Manu එකෙන් Open in text editor කියන එක දෙන්න
  6. දැන් ON කියලා type කරලා save කරන්න
  7.  ඊට පස්සෙ Permission හදන්න ඔන, අරවිදියටම tourch කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න.
  8.  දැන් එකත් ඉවරයි දුරකතනය Reboot කරන්න
පූර්ණ අවදානම ඔබ සතුවේ...!!!

ඔන්න එහෙනම් ඔක්කොම ටික හරි... ගැටළුවක් තියනව නම් අහන්නකෝ... මම ගියා එහෙනම්...

ඔයාලට සුබ දවසක්...!!





0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com