ඇන්ඩ්‍රොයිඩ් හැඳින්වීම
ආයුබෝවන් මගේ යාළුවනේ,
මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ? කාට හරි පුලුවන්ද යාළුවනේ සම්පූර්ණ උත්තරයක් දෙන්න? බෑ නේද, හරි කමක් නෑ, මම දන්න ටික ඔයාලට කියල දෙන්නම්කො. එතකොට ඔයාල දන්න ටිකත් මේකට එකතු කලාම සම්පුර්ණ උත්තරයක් ඔයාලට ලැබේවි.
ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ, කෙටියෙන්ම කියනව නම් මෙහෙයුම් පද්දතියක්. එතකොට මොකක්ද මේ මෙහෙයුම් පද්දතියක් කියන්නෙ? ඒ කියන්නෙ, යම් උපකරණයක ( දුරකතනයක හෝ පරිඝනකයක ) කෙරෙන කර්යයන් වඩාත් පහසුවෙන් හා ක්‍රමානුකුලව කරගැනීම සඳහා නිපදවා ඇති මෘදුකාන්ගයකි.
ඇන්ඩ්‍රොයිඩ් වල සාමන්‍ය දුරකතන වලට වඩා ගොඩක් වැඩ කරන්න පුලුවන්. කොටින්ම පරිඝනකය්ක් වගේ තමයි.
ඊගාවට අපි බලමු ඇන්ඩ්‍රොයිඩ් වල ඉතිහාසයෙ ඉඳල මේ දක්වා ආපු ගමන් මඟ කොහොමද කියල. මුලින්ම කියන්න ඕන ඇන්ඩ්‍රොයිඩ් සමාගම දැන් Google සමාගම විසින් අත්පත් කරගෙනයි තියෙන්නෙ.
ප්‍රදාන වශයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණ 4ක් දැනට ලෝකයේ පවතිනව. ඒ ගැන සරලව ටිකක් දැනගමු.
01. Ginger Bread
02. Ice-cream Sandwitch
03. Jelly Bean
04. Kit Kat
01. Ginger Bread (ඉඟුරු පාන්) ඇන්ඩ්‍රොයිඩ් 2.3
ඉඟුරු පාන් සන්ස්කරණය තමයි යාළුවනේ මුලින්ම ආපු ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරනය වෙන්නෙ. මේකෙ දැන් තියන ගොඩක් මෘදුකාන්ග සහ ක්‍රීඩා වැඩ කරන්නෙ නැහැ. Interface එක එච්චර ලස්සනත් නැහැ. මෙන්න මේ කරනා නිසා ඉක්මනින්ම ඇන්ඩ්‍රොයිඩ් වල දෙවන සන්ස්කරණයත් නිදහස් උනා. Ice-cream Sandwitch තමයි ඊලඟට නිදහස් උනු ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණය වෙන්නෙ. අපි ඒ ගැනත් පොඩි විස්තරයක් දැනගමුකෝ...
02. Ice-cream Sandwitch (අයිස්ක්‍රීම් සෑන්ඩ්විච්) ඇන්ඩ්‍රොයිඩ් 4.0.4
අයිස්ක්‍රීම් සෑන්ඩ්විච් කියනවට වඩා ICS කියුව නම් කස්ටියට මීටරේට වැටේවි. මේක ගත්තහම කියන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් පළමු සන්ස්කරනය වන ඉඟුරු පාන් වලට වඩා යම්තාක් දුරට සාර්තකයි කියල. ඉඟුරු පාන් වලට වඩා මෘදුකාන්ග සහ ක්‍රීඩා මේ සන්ස්කරණය තුල වැඩකරනව. නමුත් වැඩි කාලයක් යන්න ඉස්සර තවත් ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරනයක් එලිදක්වන්න ඔවුන් සමත් උනා. ඒ ගැන අපි පහළින් බලමු.
03. Jelly Bean (ජෙලි බීන්) ඇන්ඩ්‍රොයිඩ් 4.1.2, 4.2.2, 4.3
මේක තමයි යළුවනේ ගොඩක්ම සාර්තක ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණය උනේ. මෙකෙත් Updates තුනක් ඇවිල්ල තියනව දැනට. මෘදුකන්ග සහ ක්‍රිඩා ඔක්කොම දැනට තියන වගේ මේ සන්ස්කරණ වල වැඩකරනව. Interface එනෙම මාර ලස්සනයි. අද කාලයෙ පවතින ගොඩක් ජන්ගම දුරකතන වල JB ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණය තමයි තියෙන්නෙ. ඒ කොහොම උනත් දැන් නවතම නවතම ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණයක් එලිදැකලයි තියෙන්නෙ. ඒ ගැන අපි පහලින් බලමු.
ඇන්ඩ්‍රොයිඩ් 4.1.2
ඇන්ඩ්‍රොයිඩ් 4.2.2
ඇන්ඩ්‍රොයිඩ් 4.3
04. Kit Kat (කිට් කැට්) ඇන්ඩ්‍රොයිඩ් 4.4.2
ඔන්න යාළුවනේ දැනට තියන අවසාන සන්ස්කරණය තමයි කිට් කැට් කියන්නෙ. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේක අලුතෙන් එන දුරකතන වලට විටරයි Officially දෙන්නෙ. පරන දුරකතන ගොඩක් දුරට ඇන්ඩ්‍රොයිඩ් 4.2.2 or 4.3 වලින් Update එක නවතිනව. පරන දුරකතන Use කරන කස්ටියට ඉතින් Custom රොම් වල පිහිටෙන් තමයි කිට් කැට් වල රස බලන්න වෙන්නෙ. Samsung කස්ටියට න්ම් Cynogenmod (CM 11) පට්ටයි. Sony වලට න්ම් AOSP තමයි. Custom රොම් ගැන ඊලඟ පොස්ටුවෙන් දාන්නම්කො විස්තරයක් හොඳේ. පරන කස්ටියට Launcher මගිනුත් පුලුවන් කිට් කැට් වල රස බන්ලන්න. ඒත් ඉතින් ඒකෙන් රස දැනෙන්නෙ බාගෙට කියුවොත් මාත් එක්ක තරහ වෙන්න එපා යාළුවනේ. Launcher එකක් දාගත්තහම කිට් කැට් වලට ගොඩක් සමාන Interface & Fetures ටිකක් විතරයි එකතු වෙන්නෙ. සම්පුර්නයෙන්ම රස බලන්න නම් රොමක් ගහන්නම වෙනව.
ඇන්ඩ්‍රොයිඩ් ගැන මුල්ම පොස්ටුව ඔන්න දැම්ම, කස්ටියට පොඩ්ඩක් හරි ප්‍රයෝජනවත් උනා නම්, මොකක් හරි අඩුපඩුවක් තියනව නම් කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ.
අපි කැපුන එහෙනම්, කස්ටියට සුබ දවසක්...!!
0 comments:
Post a Comment