SONY දුරකථන වලට Stock Rom එක ගහන්නෙ මෙහෙමයි
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ SONY දුරකථන වලට Stock Rom එක ගහන්නෙ කොහොමද කියල. මොකක්ද යාළුවනේ මේ Stock Rom එකක් කියන්නෙ? Stock Rom එකක් කියන්නෙ, දුරකථනයට නිල වශයෙනම දීල තියන Rom එකකට. දැන් මෙහෙම බලන්නකො, SONY Xperia L එක ගන්න, මේක ගන්නකොටම තියෙන්නෙ 15.3.A.1.14 යටතේ එන ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණය. අන්න ඒක තමයි එකේ Stock Rom එක වෙන්නෙ. ඒත් දැන් අලුත් සන්ස්කරණයක් ඇවිල්ල තියනව 15.3.A.1.17 කියල. ඒකත් නිල වශයෙන්ම නිකුත් කරපු එකක්. අන්න ඒ නිසා ඒකත් Stock Rom එකක් වෙනව. අපිට 15.3.A.1.14 සන්ස්කරණය තියන දුරකඨනයකට 15.3.A.1.17 සන්ස්කරණය උනත් කිසි අවුලක් නැතුව දාගන්න පුලුවන්, මොකද ඒ දෙකම නිල වශයෙන් නිකුත් කරපු Stock Rom වන නිසා.
අපි දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල, මේක කරන්න අපිට ඕන කරනව පොඩි මෘදුකන්ගයක් Flash Tool කියල. ඒකෙන් තමයි සම්පූර්න ගේම ගහන්න තියෙන්නෙ. ( මේ ක්‍රමයට ඕනෑම දුරකතනයකට ගහන්න පුලුවන් හොඳේ )හරි, එහෙනම් වැඩේට බහිමු මුල ඉඳලම.
මුලින්ම Flash Tool එක අරගෙන ඉන්නකො. අරගෙන Install කරගන්න.
ඊලඟට "SONY adb drivers" කියල driver එකක් ඕන වෙනව යාළුවනේ මේ වැඩේ කරන්න නම්. දුරකථනයේ model එක ගහල මේ driver එක පහසුවෙන් සොයගන්න පුලුවන් අන්තර්ජාලයෙන්.
Eg : SONY xperia L adb drivers ( search )
හරි එහෙනම්,
- ඔයාලගෙ Computer එකේ "C" drive එකට ගිහින්, Flash Tool folder එක open කරගන්නකො.
- Flash Tool folder එක open කරාම ඔයාලට "drivers" කියල තවත් folder එකක් තියනව පෙනෙවි.
- "drivers" folder එක ඇතුලට ගියාම "flashtool-drivers" කියල setup file එකක් තියනව, අන්න ඒක normal විදියට install කරගන්න. ( තමන්ගෙ phone model එකටයි, Flashmoode Drivers වලටයි ටික් දාන්න හොඳේ )
- ඊට පස්සෙ ආපස්සට ඇවිල්ල "firmwares" folder එකට යන්න. ඒකෙ "X10_V1_BLRelock.ftf" කියල එකක් තියනව, ඒක ගනන් ගන්න එපා ඒක ඔහෙ තිබුනාවෙ.
- දැන් මෙතනින් ගිහින් ඔයාලගෙ SONY දුරකථනයට අදාල Rom එකේ නවතම සන්ස්කරණය බාගන්නකො.
- ඔයාල බාගතකරපු ftf file එක මේ කියන "firmware" folder එකට copy කරගන්නකො. එහෙනම් වැඩේ ඉවරයි, window එක කරලදාන්න.
මුලින්ම ඔයාලගෙ දුරකථනයේ Unknown Sources & USB Debugging on කරල පරිඝනකයට සම්බඳ කරගන්නකො එකක් මගින්
කොහොමද යාළුවනේ මෙක කරන්නෙ..!! හරි දන්නෙ නැති කස්ටියට මම ඒකත් කියල දෙන්නම්කො,
Unknown Sources
- මුලින්ම දුරකතනයේ Settings වලට යන්නකො
- Settings වල Security වලට යන්න
- දැන් Unknown Sources ඉස්සරහ තියන කොටුවෙ Tic එකක් දාන්න. ඔන්න ඒක හරි.
USB Debugging
මුලින්ම ඔයාල වලට Settings වලට ගිහින් බලන්න Developer Option කියල එකක් තියනවද කියල. ( About Phone වලට උඩින් ඇත්තෙ ) තියනව නම් අවුලක් නෑ.
නැත්නම් මෙහෙම කරල ගන්න පුලුවන්,
- Settings වල About Phone වලට යන්නකො.
- ඒකෙ Build Number කියන එක උඩ කීපසැරයක් Tap කරන්න එතකොට ඔයාලට පෙනේවි Developer Option is available කියල වගේ message එකක්.
- දැන් Developer Option වලට යන්න.
- දැන් USB Debugging ඉස්සරහ තියන කොටුවෙ Tic එකක් දාන්න. ඔන්න ඒකත් හරි.
දැන් Flash Tool open කරගන්න
( රතු පටින් වැටිල තියන ඒව ගනන්ගන්න එපා )
ඊලඟට ඔය වම් පැත්තෙ උඩ් තියන අකුනක් වගේ Button එක ඔබල Flash mode Tic කරල open කරන්න
මෙතනින් ඔයාල firmware folder එකට copy කරපු ftf fileඑක තෝරල flash කරන්න
ඊලඟට,
- ඔයාලගෙ දුරකතනය පරිඝනකයෙන් විසන්දි කරන්න
- දුරකතනය off කරල විනාඩි 5ක් විතර තියන්න
- ඊලඟට දුරකතනයේ "Volume Down" Button එක ඔබාගෙන පරිඝනකයට සම්බඳ කරන්න.
- ඔයාලගෙ දුරකථනයේ කොල පාට බල්බ් එකක් දැල්වෙනවත් එක්කම flash වීම ආරම්භවෙවි.
පළවෙනි පාර on වෙන්න ටිකක් වෙලා යාවි, ඒ ගැන කලබල වෙලා බැටරිය එහෙම නම් ගලවන්න යන්න එපා හොඳේ.
පූර්ණ අවාදනම ඔබ සතුවේ...!!!
ඔන්න එහෙනම් මම ගියා, අලුත් පෝස්ටුවකින් හමුවෙමු.
ඔයාලට සුබ දවසක්...!!
0 comments:
Post a Comment