Sunday, July 20, 2014

මොකක්ද මේ කාටත් වැදගත් Dropbox

මොකක්ද මේ කාටත් වැදගත් Dropbox


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද කතාකරන්න හදන්නෙ අපි කාටත් ගොඩක් වැදගත් වෙන Dropbox ගැන විස්තර ටිකක්. Dropbox මගින් කෙරෙන්නෙ යාළුවනේ අන්තර්ජාලයේ තිබෙන විද්‍යුත් අවකාශයෙන් කොටසක් අපිට ලබාදීමයි. ඔයාලට ඔයාලගෙ වැදගත්, රහසිගත ඕනෑම තොරතුරක්, දත්තයක් Dropbox වල ඉතාමත් සුරක්ශිතව ගබඩා කරල තියන්න පුලුවන්. අපි ගිනුමක් ආරම්භ කරල වැඩේට බහිනකොටම අපිට 2.5GB ඉඩ ප්‍රමාණයක් ලැබෙනව. පස්සෙ ඔෆ්ෆෙර්ස් වලින් පුලුවන් මේ ප්‍රමාණය තවත් වැඩි කරගන්න. 

මෙන්න මෙතනින් ගිහින් ඔයාලත් Dropbox ගිනුමක් හදාගන්න

තමන්ගෙ PC එකෙන් විතරක් නෙවෙයි යාළුවනේ, ඔයලහෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් හෝ ටැබ්ලට් එකෙන් උනත් මේ ගිනුම ඉතම පහසුවෙන් පාලනය කරන්න පුලුවන්. ඒකත් ඉතින් කියල නිම කරන්න බැරි වාසියක් නේද යාළුවනේ, මොකද අපිට PC, ටැබ්ලට් ගෙනියන්න බැරි තැනක දුරකථනයෙන් උනත් පාලනය කරගන්න පුලුවන් නේ ගින්නක් නැතුව.

මෙන්න එහෙනම් PC or Laptop වලට් Dropbox මෘදුකාන්ගය අරගන්න 


Android app එක ඕන අය මෙතනින් ගන්නකො ඒකත්


එහෙනම් හරිනේ  යාළුවනේ... මම යනව එහෙනම් තවත් අලුත් දෙයක් ඔයාලට ගේන්න බලාපොරොත්තුවෙන්...

ඔයාලට සුබ දවසක්...!!

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com