මොකක්ද මේ WordPress කියන්නෙ
ඉතින් ආයුබොවන් කියුව ඔක්කොටම,
මොකක්ද යාළුවනේ මේ WordPress කියන්නෙ..!! අද අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. අපි ගොඩක් දෙනෙක් බ්ලොග් කලාවට පවිච්චි කරන්නෙ google blogger නෙ. WordPress කියන්නෙත් බ්ලොග් ලියන්න පුලුවන් තවත් මෘදුකාන්ගයක්. මේකෙන් google blogger වලට වඩා ගොඩක් ලස්සනට වැඩේ කරගන්න පුලුවන්. තව දුරටත් පැහැදිලි කරනව නම්, වෙබ් ප්‍රමිතීන්, භාවිත හැකියාව, අලන්කාරය යන සියල්ලටම මුල් තැන ලබාදෙන බ්ලොග්කරණ මෘදුකන්ගයක් තමයි WordPress කියන්නෙ. මේක අපිට නොමිලයේ දෙන මෘදුකන්ගයක්. ඒත් මේක මිල කරන්න බැරිතරම් වටින එකක් කියල තමයි මේකෙන් වැඩ කරන කස්ටිය න්ම් කියන්නෙ. MultiWay ZoNe බ්ලොග් එකත් WordPress මගින් අලුත් මුහුණුවරකින් ඔයලට ගේන්න ලොකු බලාපොරොත්තුවක් තියනව. එතකොට තවත් විස්තර කියල දෙන්නම් කො මේ ගන.
WP ස්ථාපනය කරන ආකාරය
1.දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
2.ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
3.wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
4.එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න. ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
5.ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
6.ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.
සුභ පැතුම්..! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්..!
අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම් හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.
ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’, ‘si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.
සුබ දවසක් යාළුවනේ, මම ගියා එහෙනම්...!!
0 comments:
Post a Comment