This is featured post 1 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQrZXFgR5XWqUVrkHcahp6pVzdPBvesXx1_qPlABiMg9Zi0raNeB1ISiLt9F-VTMjp1G3rsNFeqpSzx_rtVS3PKZ4-fFqjcT0M8zUD4roY4rf8UpD5xIBOdP16-CHi-baL2qg9bezoxkba/s0/1.jpg)
This is featured post 2 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHmMRxEbO4gU29UV36M9pZSkA7bkvPuI0SG0e-7GXXXhWoAiYMjHmPy7bczOWjDxUI5Wx8DTSXvwynUnAJwQuD6zXRx-vG0q74wTwEA4GfsArArrohkhe31HFMCvXKpvyrt5TZtN4iVAJ3/s0/2.jpg)
This is featured post 3 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjA9YgsfQWOVTJk1TdGBefvVbxXo97vroQHI35l26o71E2iIAmOTxwxDmncVI1TqAKzyNsh380uT2btffW_o8IZqPrUqGu38ET0NFchewd6PBeraRAwc2hxV9CdcWYfv4t-8z7cxzOFG79P/s0/3.jpg)
Wednesday, August 6, 2014
CynogenMod 11 ( CM 11 ) ට Sony Xperia Style එක
CynogenMod 11 ( CM 11 ) ට Sony Xperia
Style එක
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ, CynogenMod 11 වලට Sony Xperia Style Theme එකක් දාල ලස්සන කරගන්නෙ, ony විදියටම හදාගන්නෙ කොහොමද කියල. Sony දුරකථනයක් පාවිච්චි කරල, එකට ගොඩක්ම ආස අයට එකපාරටම CM 11 දාගත්තම ඉතින් ටිකක් වෙනස් නිස අවුල් වගේ වෙනවනේ. මටත් එහෙමයි, ඒත් මේ කරමෙ නිසා වැඩේ ගොඩ ගියා. ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන නිසා තමයි කියල දෙන්න අදහස් කරේ.
එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,
මුලින්ම මෙන්න මේ එක බාගන්නකො පහලින්.
Normal apk එකක් විදියට කරගන්න. හරි ඊටපස්සෙ Settings වලට යන්න.
ඊටපස්සෙ Themes වලට යන්න.
ඊටපස්සෙ Theme Pack වලට යන්න.
ඊටපස්සෙ Xperia Z2 CM 11 Theme තෝරන්න. අපි දැන් Install කරගත්තෙ ඒක තමයි.
මේ ඔක්කොටම ටික් දාල, Update කරන්න.
ඔන්න එහෙනම් වැඩේ අහවරයි. දැන් Re-boot කරල බලන්නකො කොහොමද කියල. මම දැනටමත් මේක දාලයි තියෙන්නෙ යාළුවනේ. ( මේකෙන් Xperia KitKat Boot Animation එකත් වැටෙනව හොඳේ )
සම්පූර්ණ අවදානම ඔබ සතු වේ...
ඔන්න එහෙනම් මම ගියා...
ඔයාලට සුබ දවසක්...!!
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ හෝ ගාල බැටරි බහිනවද..??
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ හෝ ගාල බැටරි බහිනවද..??
එහෙනම් Display Brightness එක ටිකක් අඩුකරගමු.
ආයුබෝවන් යාළුවනේ,
අද මම ඔයාලට අරගෙන ආවෙ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන ගොඩක් කස්ටියට තියන ගැටලුවකට විසඳුමක්. ගැටලුව තමයි, ඉක්මනින් බැටරිය බහින එක, මොකද වැඩිපුරම බැටරිය භාවිතා වෙන්නෙ දුරකථනයේ තිරයට ( Screen ) කියල ඔයාල කවුරුත් දන්නවනේ. විසඳුම තමයි, Lux Auto-Brightness. මේකෙන් පුලුවන් පට්ට විදියට Brightness අඩු කරල බැටරි ආයුකාලය වැඩි කරගන්න. හරි අපි එහෙනම් බලමු කොහොමද මේකෙන් වැඩක් ගන්නෙ කියල.
මුලින්ම apk එක අරගෙනම ඉන්න පහලින්.
Install කලාට පස්සෙ මෙන්න මේ වගෙ Icon එකක් ඔයලගෙ App drawer එකේ තියේවි.
කරන්න ත්යෙන්නෙ මෙච්චරයි යාළුවනේ මෙ App එක Open කරල Adjust කියන එකෙන් Manually දාල,
User Profile එකට ගැලපෙන එකක් දාල Brightness එක ඕන තරම් අඩු කර ගන්න පුලුවන්.
යලුවනේ ඔන්න ඔයාල මේ වගෙ Home Screen එකට wedget එකයි, Shortcut එකයි දාගත්තොත් ඕන වෙලවක අඩු වඩි කර ගන්න පුලුවන් හොඳේ.
ඔන්න යාළුවනේ වැඩේ අහවරයි, අලුත් පොස්ට් එකකින් හමුවෙමුකො ආයෙත් දවසක...
මට මේක කියල දුන්නු Thilan Chandima සහෝදරයට හද පිරි ස්තුතිය.
ඔයාලට සුබ දවසක්...!!
Tuesday, August 5, 2014
Sony Xperia L එකටත් මෙන්න KitKat
Sony Xperia L එකටත් මෙන්න KitKat
ආයුබෝවන් යාළුවනේ,
අද මම ඔයාලට කියල දෙන්නම් Sony Xperia L එකට KitKat දාගන්න විදිය. ඔයාල දන්නවනේ යාළුවනේ, Sony Xperia L එකට ඇන්ඩ්‍රොයිඩ් update එන්නෙ නෑ කියල. හැමෝටම Xperia L එක එපා වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතුව නිසානේ. Custom Rom තමයි ඉතින් මේකට තියන එකම විසඳුම. මම ඔයාලට මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ Cynogenmod 11( CM 11 ) එක එකට Xperia L නිවරදිවම දාගන්නෙ කොහොමද කියල.
මේ වැඩේට බහින්න නම් ඔයාල,
- USB Debugging & Unknown Source On කර ගන්න
- රූට් කරගන්න. තාමත් රූට් කරේ නැත්ද..!
- CWM දාගන්න. දන්නෙ නැති අයට..!
- Boot Loder Unlock
හරි එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම මෙන්නෙ මේ ටික බාගත කගන්නකො පහලින්.
- Cynogenmod 11 ( යටම ඉඳන් හතර වෙනි එක ගන්න )
- Google Apps Package
- Phantom-Kernel-v12.zip
ඊටපස්සෙ Phantom-Kernel-v12.zip එක CWM වලින් Flash කරල, Reboot කරන්න.
ඒ On වෙනකොටම ආපහු CWM වලට යන්න. ( හදිස්සියෙ වත් කරගන්න බැරුව දුරකථනය හිර උනොත්, Battry එක ගලවල ආපහු දාල, CWM වලට යන්න )
ඊලඟට පිළිවෙලට,
- wipe data / factory reset
- wipe cache partition
- Go Advanced
- wipe delvk cache
- Go back
- Install zip
- Choose zip from sd caed
- Install ( Cm 11 )
- Go back
- Choose zip from sd caed
- Install ( Google Apps Package )
- Go back
- Reboot
මේ ටික කරන්න. අනිවා වැඩේ ගොඩ. පලවෙනි වතාව නිසා On වෙන්න ටිකක් වෙලා යනව හොඳේ. කලබල නොවී ඉන්න. ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තමයි ලැබෙන්නෙ, බලන්නකො කොහොමද කියල...
පූර්ණ අවදානම ඔබ සතුවේ...
එහෙනම් මම යනවා. CM 11 වලට Sony Xperia KitKat Style එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් කෝ...
ඔයාලට සුබදවසක්...!!
Sony Xperia L එකට CWM ( ClockworkMod Recovery ) දාන්නෙ මෙහෙමයි
Sony Xperia L එකට CWM ( ClockworkMod Recovery ) දාන්නෙ මෙහෙමයි
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියලදෙනව, Sony Xperia L ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට CWM ( ClockworkMod Recovery ) දාගන්නෙ කොහොමද කියල. මම කරල බලලයි ඔයාලට ඕනම දෙයක් කියල දෙන්නෙ. මගේ එකේ නම් සුපිරියටම වැඩ කරා.
මුලින්ම ඔයාලගෙ දුරකතනය රූට් කරගන්න වෙනව. දැනටමත් රූට් කරපු කට්ටිය නම් අවුලක් නෑ. රූට් කරල නැත්නම් මෙන්න මේ විදියට රූට් කරගන්නකො.
ඊලඟට තමයි යාළුවනේ වැඩේ තියෙන්නෙ. මෙන්න මේ දෙකත් මේගමන්ම බාගන්න.
01.Fastboot කියන Folder එක Extract කරගන්න.
02.Boot.img කියන Image File එකත් Extract කරගන්න.
03.FastbootC2105 Folder එක Open කරල, Boot.img කියන Image File එක Copy කරල FastbootC2105 Folder එකට දාගන්න.
04.ඔයාලගෙ දුරකථනයේ USB Debugging & Unknown Source on කරගන්න.
05.දුරකථනය Off කරල Battry එක ගලවල තත්පර 10කින් ආපහු දාන්න. දුරකථනය Power On කරන්න නම් එපා හොඳේ.
06.දුරකථනයේ Volume Up Button එක ඔබාගෙනම පරිඝනකයට සම්බන්ඳ කරන්න. දුරකථනයේ පහල නිල් පාට බල්ඩ් එක දැලුනාට පස්සෙ අත ගන්න. ඔයාලගෙ දුරකථනය Fastboot Mode එකෙන් පරිඝනකයට සම්බන්ඳ වෙලයි දැන් තියෙන්නෙ.
07. ඊලඟට FastbootC2105 Folder එකේ SHIFT + Right Click කරල Command Window එක Open කරගන්න.
08.Command Window එකේ " fastboot flash boot boot.img "හරියටම කරන්න. Enter කරන්න.
ඔන්න වැඩේ ඉවරයි යාළුවනේ. දැන් ඔයාලගෙ දුරකථනය පරිඝනකයෙන් විසන්දි කරල, Power On කරන්න.
On වෙනකොට SONY ලෝගෝ එක ගාවදි රෝස පාටට LED එක දැල්වේවි. අන්න එතකොටම Volume Up Button එක හතර පස් වතාවක් ඔබන්න. දැන් ඔයාලට CWM Open වේවි.
ඕනම වෙලාවක වලට යන්නෙ මේ විදියට තමා. මොනව හරි ගැටලුවක් ආවොත් අහන්නකො. එහෙනම් මම යනව. අලුත් දෙයක් අරගෙන ආයෙත් එන්නම් කෝ.
ඔයාලට සුබ දවසක්...!!
Sunday, August 3, 2014
Paid Apps නොමිලේම ගන්න නියම මෘදුකාන්ගයක්
Paid Apps නොමිලේම ගන්න නියම මෘදුකාන්ගයක්
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න අද මම ගෙනාව අපේ යාළුවන්ට තියන ලොකුම ප්‍රශ්නෙකට විසඳුමක්. Blackmart alpha කියන්නෙ Google Play Store එකේ මුදල් ගෙවල ගන්න තියන apps බාගන්න කියාපු Android Application එකක්. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Blackmart alpha වලින් වැඩ ගන්නෙ කොහොමද කියල.
හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
මුලින්ම පහල තියන ලින්ක් එකෙන් Blackmart alpha එක බාගන්නකො.
ඊට පස්සෙ මේක සාමාන්‍ය app එකක් Install කරන විදියට Install කරගන්න. Install කරාට පස්සෙ මෙන්න මේ වගෙ එකක් තමයි ඔයාලගෙ දුරකතනයේ පෙන්නන්නෙ හොඳේ.
දැන් කරල, ඔයාලට ඕන app එක Blackmart alpha open කරල බාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. එහෙනම් කස්ටියට මම උදාහරනෙකින්ම පෙන්නන්නම්කො වැඩේ කොහොමද කියල. ඔයාල දන්නවනේ Titanium Backup Pro කියන මෘදුකාන්ගය, Play Store එකේ නම් 6.59 $ වෙනව. පහල පින්තූරෙ බලන්නකො.
මෙන්න Blackmart alpha එකෙන්, ඕන නම් Normal එක, Pro එක කැමති එකක් නොමිලේම බාගන්න පුලුවන්. සත පහක් වත් අයකරන්නෙ නෑ. නොමිලේ...!! නොමිලේ...!!
බාගත්ත නම් මේ විදියට Install කරගන්නකො.
අහ්...!! කියන්න අමතක උනානෙ,
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය තවමත් Root කරල නැත්නම් ( මේ විදියට Root කරගන්න ), ඔයාල Black Mart alpha එකෙන් බාගත කරන apps, SD card එකේ හෝ USB Storage එකේ blackmart කියල Folder එකක් තියනව අන්න ඒකෙ Apk වශයෙන් Save වෙනව. එතෙන්ට ගිහින් පුලුවන් ඔයාලට Install කරගන්න.
Root කරපු අයට නම් කිසිම අවුලක් නෑ. බාගතකරල ඉවර උනාම Auto ම Install වෙනව හොඳේ. ඔන්න වැඩේ සාර්තකව ඉවරයි.
මේක මට කියල දීපු Thilan Chandima සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනව...!!
එහෙනම් මම යනව යාළුවනේ... ඇලුත් පෝස්ටුවකින් හමුවෙමු...
ඔයාලට සුබ දවසක්...!!
Saturday, August 2, 2014
Avast Internet Security දින 365 කටම නොමිලේ Activate කරගන්න
Avast Internet Security දින 365 කටම නොමිලේ Activate කරගන්න
ආයුබෝවන් යාළුවනේ,
පරිඝනකයක් උනහම ඉතින් Virous Guard එකක් අනිවාර්යෙන්ම තියෙන්නම ඕන නේ. මොකද, දන්නවනෙ ඉතින් Virous එකක් පරිඝනකයකට රින්ගුවම තියන කරදර. ඒ වගේම ඒක අයින් කරගන්න විඳින්න ඕන දහදුකක්.
හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ Avast Virous Guard එක දින 365ක්, ඒකියන්නෙ හරියටම අවුරුද්දකට Active කරගන්නෙ කොහොමද කියල. මේ විදියට කරහම කිසිම අවුලක්, ආන්තරාවක් නැතුව අවුරුද්ද්ක් පාවිච්චි කරන්න පුලුවන්. කරන්නත් පුලුවන් කිසිම ප්රශ්නයක් නෑ.
එහෙනම් අපි බහිමුකො වැඩේට වැඩි කතා නැතුව. මුලින්ම පහල තියන් ලින්ක් එකෙන් ගිහින් Avast Virous Guard එක බාගන්නකො ඉස්සෙල්ලම.
Avast Virous Guard එක බාගන්න
අන්තර්ජාල සම්බඳතාවය නම් අනිවා තියෙන්න ඕන යාළුවනේ හොඳේ.
ඔයාලට Zip File එකක් විදියට තමයි මේක බාගන්න වෙන්නෙ හොඳේ. Winrar මෘදුකාන්ගය භාවිතා කරල Extract කරගෙන Normal විදියට Install කරගන්න. ඊට පස්සෙ මෙන්න මේ විදියට Trial Virsion එක Active කරගන්නකො.
ඊලඟට Standed Protection කියන එක තෝරන්න.
මෙන්න මේ කොටු ටික පුරවල, Register with e-mail address තෝරන්න. ( Register with Facebook දුන්නොත් කෙලින්ම වැඩේ කරගන්නත් පුලුවන් )
ඊලඟට Stay With Basic Protection තෝරන්න.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. ඔයාල ගෙ Avast එකේ Settings වලට ගිහින් Registration Click කරල බලන්නකො, 365 days remaining කියල වැටිල තියේවි. ඒකියන්නෙ ඔයාලගෙ Avast Virous Guard එක අවුරුද්දකට Active වෙලා තියෙන්නෙ. කොහොමද වැඩේ, නියමයි නේද...!!!
එහෙනම් යාලුවනේ මම යනව... අලුත් පෝස්ටුවකින් හමුවෙමු...
ඔයාලට සුබ දවසක්...!!