Paid Apps නොමිලේම ගන්න නියම මෘදුකාන්ගයක්
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න අද මම ගෙනාව අපේ යාළුවන්ට තියන ලොකුම ප්‍රශ්නෙකට විසඳුමක්. Blackmart alpha කියන්නෙ Google Play Store එකේ මුදල් ගෙවල ගන්න තියන apps බාගන්න කියාපු Android Application එකක්. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Blackmart alpha වලින් වැඩ ගන්නෙ කොහොමද කියල.
හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
මුලින්ම පහල තියන ලින්ක් එකෙන් Blackmart alpha එක බාගන්නකො.
ඊට පස්සෙ මේක සාමාන්‍ය app එකක් Install කරන විදියට Install කරගන්න. Install කරාට පස්සෙ මෙන්න මේ වගෙ එකක් තමයි ඔයාලගෙ දුරකතනයේ පෙන්නන්නෙ හොඳේ.
දැන් කරල, ඔයාලට ඕන app එක Blackmart alpha open කරල බාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. එහෙනම් කස්ටියට මම උදාහරනෙකින්ම පෙන්නන්නම්කො වැඩේ කොහොමද කියල. ඔයාල දන්නවනේ Titanium Backup Pro කියන මෘදුකාන්ගය, Play Store එකේ නම් 6.59 $ වෙනව. පහල පින්තූරෙ බලන්නකො.
මෙන්න Blackmart alpha එකෙන්, ඕන නම් Normal එක, Pro එක කැමති එකක් නොමිලේම බාගන්න පුලුවන්. සත පහක් වත් අයකරන්නෙ නෑ. නොමිලේ...!! නොමිලේ...!!
බාගත්ත නම් මේ විදියට Install කරගන්නකො.
අහ්...!! කියන්න අමතක උනානෙ,
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය තවමත් Root කරල නැත්නම් ( මේ විදියට Root කරගන්න ), ඔයාල Black Mart alpha එකෙන් බාගත කරන apps, SD card එකේ හෝ USB Storage එකේ blackmart කියල Folder එකක් තියනව අන්න ඒකෙ Apk වශයෙන් Save වෙනව. එතෙන්ට ගිහින් පුලුවන් ඔයාලට Install කරගන්න.
Root කරපු අයට නම් කිසිම අවුලක් නෑ. බාගතකරල ඉවර උනාම Auto ම Install වෙනව හොඳේ. ඔන්න වැඩේ සාර්තකව ඉවරයි.
මේක මට කියල දීපු Thilan Chandima සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනව...!!
එහෙනම් මම යනව යාළුවනේ... ඇලුත් පෝස්ටුවකින් හමුවෙමු...
ඔයාලට සුබ දවසක්...!!
0 comments:
Post a Comment