Tuesday, August 5, 2014

Sony Xperia L එකටත් මෙන්න KitKat

Sony Xperia L එකටත් මෙන්න KitKat



ආයුබෝවන් යාළුවනේ,

අද මම ඔයාලට කියල දෙන්නම් Sony Xperia L එකට KitKat දාගන්න විදිය. ඔයාල දන්නවනේ යාළුවනේ, Sony Xperia L එකට ඇන්ඩ්‍රොයිඩ් update එන්නෙ නෑ කියල. හැමෝටම Xperia L එක එපා වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතුව නිසානේ. Custom Rom තමයි ඉතින් මේකට තියන එකම විසඳුම. මම ඔයාලට මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ Cynogenmod 11(  CM 11 ) එක එකට Xperia L නිවරදිවම දාගන්නෙ කොහොමද කියල.

මේ වැඩේට බහින්න නම් ඔයාල, 
කරගෙන ඉන්නම ඕන හොඳේ.

හරි එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම මෙන්නෙ මේ ටික බාගත කගන්නකො පහලින්.
  1. Cynogenmod 11 ( යටම ඉඳන් හතර වෙනි එක ගන්න )
  2. Google Apps Package
  3. Phantom-Kernel-v12.zip
මේ ඔක්කොම ටික Internal Storage එකට දාගන්නකො ඊලඟට.

ඊටපස්සෙ Phantom-Kernel-v12.zip එක CWM වලින් Flash කරල, Reboot කරන්න.

ඒ On වෙනකොටම ආපහු CWM වලට යන්න. ( හදිස්සියෙ වත් කරගන්න බැරුව දුරකථනය හිර උනොත්, Battry එක ගලවල ආපහු දාල, CWM වලට යන්න )

ඊලඟට පිළිවෙලට,
  1. wipe data / factory reset
  2. wipe cache partition
  3. Go Advanced 
  4. wipe delvk cache
  5. Go back
  6. Install zip
  7. Choose zip from sd caed
  8. Install ( Cm 11 )
  9. Go back
  10. Choose zip from sd caed
  11. Install ( Google Apps Package )
  12. Go back
  13. Reboot
මේ ටික කරන්න. අනිවා වැඩේ ගොඩ. පලවෙනි වතාව නිසා On වෙන්න ටිකක් වෙලා යනව හොඳේ. කලබල නොවී ඉන්න. ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තමයි ලැබෙන්නෙ, බලන්නකො කොහොමද කියල...

පූර්ණ අවදානම ඔබ සතුවේ...

එහෙනම් මම යනවා. CM 11 වලට Sony Xperia KitKat Style එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් කෝ...

ඔයාලට සුබදවසක්...!!





0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com