This is featured post 1 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQrZXFgR5XWqUVrkHcahp6pVzdPBvesXx1_qPlABiMg9Zi0raNeB1ISiLt9F-VTMjp1G3rsNFeqpSzx_rtVS3PKZ4-fFqjcT0M8zUD4roY4rf8UpD5xIBOdP16-CHi-baL2qg9bezoxkba/s0/1.jpg)
This is featured post 2 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHmMRxEbO4gU29UV36M9pZSkA7bkvPuI0SG0e-7GXXXhWoAiYMjHmPy7bczOWjDxUI5Wx8DTSXvwynUnAJwQuD6zXRx-vG0q74wTwEA4GfsArArrohkhe31HFMCvXKpvyrt5TZtN4iVAJ3/s0/2.jpg)
This is featured post 3 title
Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjA9YgsfQWOVTJk1TdGBefvVbxXo97vroQHI35l26o71E2iIAmOTxwxDmncVI1TqAKzyNsh380uT2btffW_o8IZqPrUqGu38ET0NFchewd6PBeraRAwc2hxV9CdcWYfv4t-8z7cxzOFG79P/s0/3.jpg)
Wednesday, August 6, 2014
CynogenMod 11 ( CM 11 ) ට Sony Xperia Style එක
CynogenMod 11 ( CM 11 ) ට Sony Xperia
Style එක
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ, CynogenMod 11 වලට Sony Xperia Style Theme එකක් දාල ලස්සන කරගන්නෙ, ony විදියටම හදාගන්නෙ කොහොමද කියල. Sony දුරකථනයක් පාවිච්චි කරල, එකට ගොඩක්ම ආස අයට එකපාරටම CM 11 දාගත්තම ඉතින් ටිකක් වෙනස් නිස අවුල් වගේ වෙනවනේ. මටත් එහෙමයි, ඒත් මේ කරමෙ නිසා වැඩේ ගොඩ ගියා. ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන නිසා තමයි කියල දෙන්න අදහස් කරේ.
එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,
මුලින්ම මෙන්න මේ එක බාගන්නකො පහලින්.
Normal apk එකක් විදියට කරගන්න. හරි ඊටපස්සෙ Settings වලට යන්න.
ඊටපස්සෙ Themes වලට යන්න.
ඊටපස්සෙ Theme Pack වලට යන්න.
ඊටපස්සෙ Xperia Z2 CM 11 Theme තෝරන්න. අපි දැන් Install කරගත්තෙ ඒක තමයි.
මේ ඔක්කොටම ටික් දාල, Update කරන්න.
ඔන්න එහෙනම් වැඩේ අහවරයි. දැන් Re-boot කරල බලන්නකො කොහොමද කියල. මම දැනටමත් මේක දාලයි තියෙන්නෙ යාළුවනේ. ( මේකෙන් Xperia KitKat Boot Animation එකත් වැටෙනව හොඳේ )
සම්පූර්ණ අවදානම ඔබ සතු වේ...
ඔන්න එහෙනම් මම ගියා...
ඔයාලට සුබ දවසක්...!!
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ හෝ ගාල බැටරි බහිනවද..??
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ හෝ ගාල බැටරි බහිනවද..??
එහෙනම් Display Brightness එක ටිකක් අඩුකරගමු.
ආයුබෝවන් යාළුවනේ,
අද මම ඔයාලට අරගෙන ආවෙ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන ගොඩක් කස්ටියට තියන ගැටලුවකට විසඳුමක්. ගැටලුව තමයි, ඉක්මනින් බැටරිය බහින එක, මොකද වැඩිපුරම බැටරිය භාවිතා වෙන්නෙ දුරකථනයේ තිරයට ( Screen ) කියල ඔයාල කවුරුත් දන්නවනේ. විසඳුම තමයි, Lux Auto-Brightness. මේකෙන් පුලුවන් පට්ට විදියට Brightness අඩු කරල බැටරි ආයුකාලය වැඩි කරගන්න. හරි අපි එහෙනම් බලමු කොහොමද මේකෙන් වැඩක් ගන්නෙ කියල.
මුලින්ම apk එක අරගෙනම ඉන්න පහලින්.
Install කලාට පස්සෙ මෙන්න මේ වගෙ Icon එකක් ඔයලගෙ App drawer එකේ තියේවි.
කරන්න ත්යෙන්නෙ මෙච්චරයි යාළුවනේ මෙ App එක Open කරල Adjust කියන එකෙන් Manually දාල,
User Profile එකට ගැලපෙන එකක් දාල Brightness එක ඕන තරම් අඩු කර ගන්න පුලුවන්.
යලුවනේ ඔන්න ඔයාල මේ වගෙ Home Screen එකට wedget එකයි, Shortcut එකයි දාගත්තොත් ඕන වෙලවක අඩු වඩි කර ගන්න පුලුවන් හොඳේ.
ඔන්න යාළුවනේ වැඩේ අහවරයි, අලුත් පොස්ට් එකකින් හමුවෙමුකො ආයෙත් දවසක...
මට මේක කියල දුන්නු Thilan Chandima සහෝදරයට හද පිරි ස්තුතිය.
ඔයාලට සුබ දවසක්...!!
Tuesday, August 5, 2014
Sony Xperia L එකටත් මෙන්න KitKat
Sony Xperia L එකටත් මෙන්න KitKat
ආයුබෝවන් යාළුවනේ,
අද මම ඔයාලට කියල දෙන්නම් Sony Xperia L එකට KitKat දාගන්න විදිය. ඔයාල දන්නවනේ යාළුවනේ, Sony Xperia L එකට ඇන්ඩ්‍රොයිඩ් update එන්නෙ නෑ කියල. හැමෝටම Xperia L එක එපා වෙලා තියෙන්නෙ මෙන්න මේ හේතුව නිසානේ. Custom Rom තමයි ඉතින් මේකට තියන එකම විසඳුම. මම ඔයාලට මේ පෝස්ට් එකෙන් කියල දෙන්නෙ Cynogenmod 11( CM 11 ) එක එකට Xperia L නිවරදිවම දාගන්නෙ කොහොමද කියල.
මේ වැඩේට බහින්න නම් ඔයාල,
- USB Debugging & Unknown Source On කර ගන්න
- රූට් කරගන්න. තාමත් රූට් කරේ නැත්ද..!
- CWM දාගන්න. දන්නෙ නැති අයට..!
- Boot Loder Unlock
හරි එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම මෙන්නෙ මේ ටික බාගත කගන්නකො පහලින්.
- Cynogenmod 11 ( යටම ඉඳන් හතර වෙනි එක ගන්න )
- Google Apps Package
- Phantom-Kernel-v12.zip
ඊටපස්සෙ Phantom-Kernel-v12.zip එක CWM වලින් Flash කරල, Reboot කරන්න.
ඒ On වෙනකොටම ආපහු CWM වලට යන්න. ( හදිස්සියෙ වත් කරගන්න බැරුව දුරකථනය හිර උනොත්, Battry එක ගලවල ආපහු දාල, CWM වලට යන්න )
ඊලඟට පිළිවෙලට,
- wipe data / factory reset
- wipe cache partition
- Go Advanced
- wipe delvk cache
- Go back
- Install zip
- Choose zip from sd caed
- Install ( Cm 11 )
- Go back
- Choose zip from sd caed
- Install ( Google Apps Package )
- Go back
- Reboot
මේ ටික කරන්න. අනිවා වැඩේ ගොඩ. පලවෙනි වතාව නිසා On වෙන්න ටිකක් වෙලා යනව හොඳේ. කලබල නොවී ඉන්න. ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තමයි ලැබෙන්නෙ, බලන්නකො කොහොමද කියල...
පූර්ණ අවදානම ඔබ සතුවේ...
එහෙනම් මම යනවා. CM 11 වලට Sony Xperia KitKat Style එකක් අරගෙන ඉක්මනින්ම එන්නම් කෝ...
ඔයාලට සුබදවසක්...!!
Sony Xperia L එකට CWM ( ClockworkMod Recovery ) දාන්නෙ මෙහෙමයි
Sony Xperia L එකට CWM ( ClockworkMod Recovery ) දාන්නෙ මෙහෙමයි
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියලදෙනව, Sony Xperia L ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට CWM ( ClockworkMod Recovery ) දාගන්නෙ කොහොමද කියල. මම කරල බලලයි ඔයාලට ඕනම දෙයක් කියල දෙන්නෙ. මගේ එකේ නම් සුපිරියටම වැඩ කරා.
මුලින්ම ඔයාලගෙ දුරකතනය රූට් කරගන්න වෙනව. දැනටමත් රූට් කරපු කට්ටිය නම් අවුලක් නෑ. රූට් කරල නැත්නම් මෙන්න මේ විදියට රූට් කරගන්නකො.
ඊලඟට තමයි යාළුවනේ වැඩේ තියෙන්නෙ. මෙන්න මේ දෙකත් මේගමන්ම බාගන්න.
01.Fastboot කියන Folder එක Extract කරගන්න.
02.Boot.img කියන Image File එකත් Extract කරගන්න.
03.FastbootC2105 Folder එක Open කරල, Boot.img කියන Image File එක Copy කරල FastbootC2105 Folder එකට දාගන්න.
04.ඔයාලගෙ දුරකථනයේ USB Debugging & Unknown Source on කරගන්න.
05.දුරකථනය Off කරල Battry එක ගලවල තත්පර 10කින් ආපහු දාන්න. දුරකථනය Power On කරන්න නම් එපා හොඳේ.
06.දුරකථනයේ Volume Up Button එක ඔබාගෙනම පරිඝනකයට සම්බන්ඳ කරන්න. දුරකථනයේ පහල නිල් පාට බල්ඩ් එක දැලුනාට පස්සෙ අත ගන්න. ඔයාලගෙ දුරකථනය Fastboot Mode එකෙන් පරිඝනකයට සම්බන්ඳ වෙලයි දැන් තියෙන්නෙ.
07. ඊලඟට FastbootC2105 Folder එකේ SHIFT + Right Click කරල Command Window එක Open කරගන්න.
08.Command Window එකේ " fastboot flash boot boot.img "හරියටම කරන්න. Enter කරන්න.
ඔන්න වැඩේ ඉවරයි යාළුවනේ. දැන් ඔයාලගෙ දුරකථනය පරිඝනකයෙන් විසන්දි කරල, Power On කරන්න.
On වෙනකොට SONY ලෝගෝ එක ගාවදි රෝස පාටට LED එක දැල්වේවි. අන්න එතකොටම Volume Up Button එක හතර පස් වතාවක් ඔබන්න. දැන් ඔයාලට CWM Open වේවි.
ඕනම වෙලාවක වලට යන්නෙ මේ විදියට තමා. මොනව හරි ගැටලුවක් ආවොත් අහන්නකො. එහෙනම් මම යනව. අලුත් දෙයක් අරගෙන ආයෙත් එන්නම් කෝ.
ඔයාලට සුබ දවසක්...!!
Sunday, August 3, 2014
Paid Apps නොමිලේම ගන්න නියම මෘදුකාන්ගයක්
Paid Apps නොමිලේම ගන්න නියම මෘදුකාන්ගයක්
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න අද මම ගෙනාව අපේ යාළුවන්ට තියන ලොකුම ප්‍රශ්නෙකට විසඳුමක්. Blackmart alpha කියන්නෙ Google Play Store එකේ මුදල් ගෙවල ගන්න තියන apps බාගන්න කියාපු Android Application එකක්. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ Blackmart alpha වලින් වැඩ ගන්නෙ කොහොමද කියල.
හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
මුලින්ම පහල තියන ලින්ක් එකෙන් Blackmart alpha එක බාගන්නකො.
ඊට පස්සෙ මේක සාමාන්‍ය app එකක් Install කරන විදියට Install කරගන්න. Install කරාට පස්සෙ මෙන්න මේ වගෙ එකක් තමයි ඔයාලගෙ දුරකතනයේ පෙන්නන්නෙ හොඳේ.
දැන් කරල, ඔයාලට ඕන app එක Blackmart alpha open කරල බාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව. එහෙනම් කස්ටියට මම උදාහරනෙකින්ම පෙන්නන්නම්කො වැඩේ කොහොමද කියල. ඔයාල දන්නවනේ Titanium Backup Pro කියන මෘදුකාන්ගය, Play Store එකේ නම් 6.59 $ වෙනව. පහල පින්තූරෙ බලන්නකො.
මෙන්න Blackmart alpha එකෙන්, ඕන නම් Normal එක, Pro එක කැමති එකක් නොමිලේම බාගන්න පුලුවන්. සත පහක් වත් අයකරන්නෙ නෑ. නොමිලේ...!! නොමිලේ...!!
බාගත්ත නම් මේ විදියට Install කරගන්නකො.
අහ්...!! කියන්න අමතක උනානෙ,
ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය තවමත් Root කරල නැත්නම් ( මේ විදියට Root කරගන්න ), ඔයාල Black Mart alpha එකෙන් බාගත කරන apps, SD card එකේ හෝ USB Storage එකේ blackmart කියල Folder එකක් තියනව අන්න ඒකෙ Apk වශයෙන් Save වෙනව. එතෙන්ට ගිහින් පුලුවන් ඔයාලට Install කරගන්න.
Root කරපු අයට නම් කිසිම අවුලක් නෑ. බාගතකරල ඉවර උනාම Auto ම Install වෙනව හොඳේ. ඔන්න වැඩේ සාර්තකව ඉවරයි.
මේක මට කියල දීපු Thilan Chandima සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනව...!!
එහෙනම් මම යනව යාළුවනේ... ඇලුත් පෝස්ටුවකින් හමුවෙමු...
ඔයාලට සුබ දවසක්...!!
Saturday, August 2, 2014
Avast Internet Security දින 365 කටම නොමිලේ Activate කරගන්න
Avast Internet Security දින 365 කටම නොමිලේ Activate කරගන්න
ආයුබෝවන් යාළුවනේ,
පරිඝනකයක් උනහම ඉතින් Virous Guard එකක් අනිවාර්යෙන්ම තියෙන්නම ඕන නේ. මොකද, දන්නවනෙ ඉතින් Virous එකක් පරිඝනකයකට රින්ගුවම තියන කරදර. ඒ වගේම ඒක අයින් කරගන්න විඳින්න ඕන දහදුකක්.
හරි මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ Avast Virous Guard එක දින 365ක්, ඒකියන්නෙ හරියටම අවුරුද්දකට Active කරගන්නෙ කොහොමද කියල. මේ විදියට කරහම කිසිම අවුලක්, ආන්තරාවක් නැතුව අවුරුද්ද්ක් පාවිච්චි කරන්න පුලුවන්. කරන්නත් පුලුවන් කිසිම ප්රශ්නයක් නෑ.
එහෙනම් අපි බහිමුකො වැඩේට වැඩි කතා නැතුව. මුලින්ම පහල තියන් ලින්ක් එකෙන් ගිහින් Avast Virous Guard එක බාගන්නකො ඉස්සෙල්ලම.
Avast Virous Guard එක බාගන්න
අන්තර්ජාල සම්බඳතාවය නම් අනිවා තියෙන්න ඕන යාළුවනේ හොඳේ.
ඔයාලට Zip File එකක් විදියට තමයි මේක බාගන්න වෙන්නෙ හොඳේ. Winrar මෘදුකාන්ගය භාවිතා කරල Extract කරගෙන Normal විදියට Install කරගන්න. ඊට පස්සෙ මෙන්න මේ විදියට Trial Virsion එක Active කරගන්නකො.
ඊලඟට Standed Protection කියන එක තෝරන්න.
මෙන්න මේ කොටු ටික පුරවල, Register with e-mail address තෝරන්න. ( Register with Facebook දුන්නොත් කෙලින්ම වැඩේ කරගන්නත් පුලුවන් )
ඊලඟට Stay With Basic Protection තෝරන්න.
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. ඔයාල ගෙ Avast එකේ Settings වලට ගිහින් Registration Click කරල බලන්නකො, 365 days remaining කියල වැටිල තියේවි. ඒකියන්නෙ ඔයාලගෙ Avast Virous Guard එක අවුරුද්දකට Active වෙලා තියෙන්නෙ. කොහොමද වැඩේ, නියමයි නේද...!!!
එහෙනම් යාලුවනේ මම යනව... අලුත් පෝස්ටුවකින් හමුවෙමු...
ඔයාලට සුබ දවසක්...!!
Monday, July 28, 2014
බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන්න නියම site එකක් මෙන්න
බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන්න නියම site එකක් මෙන්න
ආයුබෝවන් යාළුවනේ,
ඉතින් යාළුවනේ ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ, ඔයාලගෙ බ්ලොග් එකේ Favicon එක, ඒකියන්නෙ බ්ලොග් එක open කරාම ඒ tab එකේ බ්ලොග් එකේ නමට වම් පැත්තෙන් තියෙන්නෙ පොඩි එකක් අන්න ඒක, වෙනස් කරන විදිය තමයි අද කියල දෙන්න යන්නෙ.
වෙනස් කරන්න කලින් මෙන්න මෙහෙම තමයි ඔයාලගෙ Favicon එක ඇත්තෙ.
මෙතෙන්දි ඔයාලට තමන්ට කැමති favicon එකක් කැමති ආකාරයකට හදාගන්න, පින්තූරයක් ඔයාලගෙ පරිඝනකයෙන් Upload කරගන්න, තමන් හදන හෝ Upload කරන පින්තූරයට Animation එකක් දාගන්න, නැත්නම් මෙතන තියන Animation වලින් ලස්සන එකක් තෝරහන්නත් ඔයාලට නිදහස තියනව.
මුලින්ම මෙතනින් Site එකට යන්නකො. මේ විදියට තමයි Site එක එන්නෙ.
- අලුත් Favicon එකක් හදන්න
- පින්තූරයක් Upload කරන්න
- Site එකෙන් දෙනෙ අලුත්ම Favicon සඳහා පින්තූර
- Site එකෙන් දෙනෙ ජනප්‍රියම Favicon සඳහා පින්තූර
- Animation එකතුකරන්න
- Design කිරීමේදී වැරදීමක් වුනොත් අනවශ්‍ය කොටු මැකීමට
- වර්ණය වෙනස් කිරීමට
මෙතනින් තමයි ඉතින් ඔක්කොම වැඩ ටික දාන්න තියෙන්නෙ. මම නම් Favicon එකක් Design කරගත්ත. පේන විදිය අවුල් කියල කලබල වෙන්න එපා යාළුවනේ, බලන්නකො පහල තියන Preview එක. ඔය තියෙන්නෙ නියමෙටම නේද.
බලන්නකො Preview එක
මෙතනින් බාගත කරල ගන්නකො ඔයලගෙ Favicon එක. ඊට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකට ගිහින්, Layout වලට යන්නකො, එතනින් Favicon එක Edit කරල අර ඔයාල බාගත කරපු, Favicon එක මෙතනින් තෝරල Upload කරගන්න. Save කරල බ්ලොග් එක View කරල බලන්නකො වැඩේ හරිද කියල. මගේ නම් හරිගියේ නෑ.
ඒගැන බයවෙන්න එපා යාළුවනේ, මොන්න මෙහෙම කරාම ඕක ගොඩ දාගන්න පුලුවන්. මෙන්න මේ Site එකට ගිහින් Anonmouse Favicon Hosting කියන එක උඩ Click කරන්නකො.
ඊට පස්සෙ මෙතනින් ඔයාල අර කලින් බාගත කරපු Favicon එක තෝරල Upload කරගන්න.
ඊලඟට මෙන්න මේ පහල තියන Code එක Copy කරල ගන්න.
ඊට පස්සෙ තියනව යාළුවනේ පොඩි වැඩක් කරන්න. ඔයාල බ්ලොග් එකේ Template වලට ගිහින්, Edit HTML වලට යන්න. එතනින් "Ctrl + F" ගහන්න. දකුනුපැත්තෙ උඩින් පොඩි box එකක් ඒවි. අන්න ඒකෙ </head> ගහල Enter කරන්න. එතකොට Template එකේ එක තැනක පොඩි ඊතලයකින් සටහන් වේවි මෙන්න මෙහෙම.
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ, අර අපි Copy කරගත්තු Code එක මේ පොඩි ඊතලයට උඩින් Paste කරල, Save කරල, බ්ලොග් එක View කරල බලන්න.
මගේ නම් ගින්දර වගේ වැඩ...
ඔයාලත් කරලම බලන්නකෝ... ඔන්න එහෙනම් අපි ගියා...
ඔයලට සුබ දවසක්...!!
Sunday, July 20, 2014
මොකක්ද මේ කාටත් වැදගත් Dropbox
මොකක්ද මේ කාටත් වැදගත් Dropbox
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද කතාකරන්න හදන්නෙ අපි කාටත් ගොඩක් වැදගත් වෙන Dropbox ගැන විස්තර ටිකක්. Dropbox මගින් කෙරෙන්නෙ යාළුවනේ අන්තර්ජාලයේ තිබෙන විද්‍යුත් අවකාශයෙන් කොටසක් අපිට ලබාදීමයි. ඔයාලට ඔයාලගෙ වැදගත්, රහසිගත ඕනෑම තොරතුරක්, දත්තයක් Dropbox වල ඉතාමත් සුරක්ශිතව ගබඩා කරල තියන්න පුලුවන්. අපි ගිනුමක් ආරම්භ කරල වැඩේට බහිනකොටම අපිට 2.5GB ඉඩ ප්‍රමාණයක් ලැබෙනව. පස්සෙ ඔෆ්ෆෙර්ස් වලින් පුලුවන් මේ ප්‍රමාණය තවත් වැඩි කරගන්න.
මෙන්න මෙතනින් ගිහින් ඔයාලත් Dropbox ගිනුමක් හදාගන්න
තමන්ගෙ PC එකෙන් විතරක් නෙවෙයි යාළුවනේ, ඔයලහෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් හෝ ටැබ්ලට් එකෙන් උනත් මේ ගිනුම ඉතම පහසුවෙන් පාලනය කරන්න පුලුවන්. ඒකත් ඉතින් කියල නිම කරන්න බැරි වාසියක් නේද යාළුවනේ, මොකද අපිට PC, ටැබ්ලට් ගෙනියන්න බැරි තැනක දුරකථනයෙන් උනත් පාලනය කරගන්න පුලුවන් නේ ගින්නක් නැතුව.
මෙන්න එහෙනම් PC or Laptop වලට් Dropbox මෘදුකාන්ගය අරගන්න
Android app එක ඕන අය මෙතනින් ගන්නකො ඒකත්
එහෙනම් හරිනේ යාළුවනේ... මම යනව එහෙනම් තවත් අලුත් දෙයක් ඔයාලට ගේන්න බලාපොරොත්තුවෙන්...
ඔයාලට සුබ දවසක්...!!
Thursday, July 17, 2014
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම
ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලදෙන්න සූදානම් වෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම සම්බඳව කරුණු ටිකක්. අපි පිළිවෙලට දැනගමු යාළුවනේ,
- මොකක්ද මේ රූට් කරනව කියන්නෙ
- ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරහම අපිට මොනවද ලැබෙන්නෙ
- කොහොමද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරන්නෙ
මුලින්ම අපි බලමු, මොකක්ද මේ රූට් කරනව කියන්නෙ ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරහම අපිට මොනවද ලැබෙන්නෙ කියල.
රූට් කරනව කියල කියන්නෙ යාළුවනේ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන්ගෙ අතට ගන්නව කියන එකයි. ඕනම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ගත්තහම, අපිට වැඩ කරන්න වෙන්නෙ Guiest කෙනෙක් විදියට, අපිට කවදාවත් Administrator කෙනෙක් විදියට වැඩ කරන්න ඒ සමාගම් ඉඩතියල නෑ. අපි කරන්නෙ මේක රූට් කරල Administrator කෙනෙක් විදියට, ඒ කියන්නෙ දුරකථනයේ සම්පුර්ණ පාලනය තමන්ගෙ අතට අරගෙන වැඩ කරන්න පුලුවන් විදියට හදාගන්න එකයි.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කරහම ගොඩාක් වාසි ත්හියනව යාළුවනේ, ඒ වගේම එකම එක අවාසියකුත් තියනව කියල මතක් කරන්නත් ඕන.
මුලින්ම රූට් කරහම තියන වාසි ගැන කතා කරල ඉමුකො,
- internal Memory එකට save වෙන apps, External Memory ( SD Card ) එකට move කරන්න පුලුවන්.
- අනවශ්‍ය System apps කරදරයක් නැතුවම අයින් කරගන්න පුලුවන්.
- වෙනත් දුරකථන වල System apps ( Boot Animation / Shutdown Animation )වගේ තමන්ගෙ දුරකත්නයට දාගන්න පුලුවන්.
- දුරකථන්යේ වේගය මදි වගේ නම් OverClock පාරක් දාගන්නත් බැරිකමක් නෑ.
- රූට් සඳහාම ඇති apps වලින් වැඩක් ගන්නත් පුලුවන්. ( දුරකථනය ලස්සන කරගැනීමට වගේ )
- රූට් කරාම දුරකථනයේ තියන වගකීම ( Warrenty ) අවලන්ගු වෙනව.
මුලින්ම නවීන් නිසල් සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනව. මොකද මමත් මේ ක්‍රමය ඉගනගත්තෙ එයාගෙන් තමයි.
එහෙනම් අපි වැඩේට බහිමු, මුලින්ම මෙන්න මේ මෘදුකාන්ගය අරගෙන ඉන්නකො. 9MB වගේ තමයි ඇත්තෙ.
මේකෙ භාෂාව අවුල් නම් මෙන්නෙ English Virsion එක
අරගෙන PC එකට Install කරගන්නකො.
ඊට පස්සෙ ඔයාලගෙ දුරකතනයේ USB Debugging සහ Unknown Source on කරල, PC එකට Connect කරන්නකො. USB Debugging සහ Unknown Source, Settings වල තියනව හොඳේ.
ඔයාලට මේ ලොකු ඊතලෙන් පෙන්නල තියන තැන දුරකතනයේ නම පෙන්නවි. ඊට පස්සෙ පොඩි ඊතලේ තියන තැන තියන Button එක ඔබන්න. මගේ ලා පාටට තියෙන්නෙ මම රූට් කරල තියන නිසා හොඳේ. ඔයාලගෙ තද නිල් පාටින් පෙන්නවි.
වැඩේ ඉවර උනාම දුරකථනය Auto Re-boot වෙනව එකපාරක්. ඊට පස්සෙ බලන්නකො මෙන්න මේ විදියට icon එකක් ඔයාලගෙ දුරකථනයේ තියනවද කියලා.
දුරකථනයේ එන icon එක වෙනස් වෙන්න පුලුවන් යාළුවනේ හොඳද. මේ ක්‍රමයට ගොඩාක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කරන්න පුලුවන්. ඔයාලත් බලන්නකො කරල, අනිවා පුලුවන් වෙයි. මේක තමයි රූට් වලට සාර්ථකම ක්‍රමය මම දන්න තරමින්.
එහෙනම් ඔන්න මම ගියා...
ඔයාලට සුබ දවසක්...!!
මොකක්ද මේ Xposed Installer..!!
මොකක්ද මේ Xposed Installer..!!
ආයුබෝවන් යාළුවනේ,
ඔන්න මම අද ඔයාලට කියලදෙන්න හදන්නෙ, Xposed Installer ගැන කරුණු ටිකක්. මොකක්ද යාළුවනේ මේ Xposed Installer කියන්නෙ..?? මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන්..?? හරි, මෙක ගැන දන්න අපේ යාළුවොත් ඇති, ඒ අයගෙ දැනුම වැඩි වෙන්නයි, මේක ගැන හාන්කවිසියක් වත් නොදන්න කස්ටියට දැනගන්නයි, මගේ මොනව හරි අඩුපාඩුවක් තියනව නම් ඒ අඩුපාඩු ටික හදාගන්නයි තමයි මේ වෑයම. හරි එහෙනම් මම Xposed Installer ගැන දන්න විස්තරේ ඔයාලට කියලදෙන්නම්කො,
ඉස්සෙල්ලම අපි බලමු Xposed Installer කියන්නෙ මොකක්ද, මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන් කියල,
- කොටිනම කියනව නම්, Xposed Installer කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ එක එක විකාර ගොඩක් කරන්න පුලුවන් මෘදුකාන්ගයක්. මේක භාවිතා කරල අපේ දුරකථනය ගොඩාක් ලස්සන කරගන්න පුලුවන්. කවුද අකමැති තමන්ගෙ දුක ලස්සනට තියාගන්න නේද..!!
මේකට අනිවා රූට් කරල තියෙන්න ඕන. තාමත් රූට් කරගන්න බැරිඋනු ක්සටිය රූට් කරගෙනම ඉන්නකො එහෙනම්.
ඊට පස්සෙ ඔයල කලින් කලා වගේ Modules වලට යන්නකො, එතන තියන XBlast Tools එකට ටික් එකක් දාල තියෙන්න ඕන, නැත් නම් දැන් දාන්න.
මුලින්ම Xposed Installer.apk එක බාගතකරල ඔයාලගෙ දුරකථනයට දාල Normal apk එකක් විදියට Install කරගන්නකො. Install කරාම මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕන.
ඕක කරා කියල වැඩේ ඉවර නෑ හොඳේ, එහෙනම් Xposed Installer එක open කරල Framework කියන එක open කරගන්නකො.
ඊලඟට Install/Update කියන Button එක Click කරන්නකො, එතකොට මෙන්න මේ අන්ක කොල පාට වෙයි. එහෙම උනා නම් වැඩේ ගොඩ.
එහෙනම් එකපාරක් Back කරල ආපහු Modules වලට යන්නකො.
ඊ ලඟට උඩ තියන Modules කියන එක click කරල Download කියන එකට යන්නකො.
Advanced Power Manu කියන එක ඔයාල දන්නවනේ, ඒක බොහොම පුන්චි එකක්. ඒකෙන් වෙන්නෙRe-boot & Screenshot කියන ඒව ඔයාලගෙ දුරකථනයේ Power Button එක එබුවහම එන Manu එකට අලුතෙන් එකතුවෙන එකයි.
මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ඊට වඩා ටිකක් සන්කිර්ණ එකක් ගැන. මේකට කියන්නෙ XBlast Tools කියල. හරි අපි එහෙනම් බහිමුකො වැඩේට,
Download වලින් XBlast Tools for above Android 4.0.3+ කියන එකට යන්න. මේක ලොකු ලිස්ට් එකක් මෙකෙ කොහෙ හරි ඕක තියනව හොඳේ
එතනින් බාගත කරල normal apk එකක් වගේ Install කරගන්නකො එහෙනම්
එහෙම නැත්නම් apk එකක් ව්දියට අරගෙන Install කරගන්නකො.
මෙන්න තවත් ගොඩක් වැඩ දාන්න පුලුවන් Module කීපයක්
ඔන්න ඒකත් ඉවරයි කියමුකො, මම එහෙනම් මේකෙන් කරන පොඩි වැඩකුත් කියල දෙන්නම්කො අපේ කස්ටියට. එතකොටනෙ වැඩේ සම්පූර්ණ වෙන්නෙ නේද යාළුවනේ.
කස්ටිය එහෙනම් apps වලින් XBlast Tools open කරගන්න්කො.
ඊලඟට ඒකෙ ටින Visual Tweakes කියන එක open කරන්නකො.
ඊට පස්සෙ ඒකෙ තියනව Holo Theme කියල ඒකක් අන්න ඒකට යන්න.
ඊලඟට එන Dark theme, Light theme කියන දෙකෙන් Dark theme කියන් එක ගන්නකො.
ඊගාවට Enable Holo Dark Background කියන එකට ටික් එකක් දාල Holo Dark Background Image කියන එක click කරල කැමති Photo එකක් crop කරල දාගන්න, මේක ටිකක් අඳුරු එකක් උනොත් හොඳයි වගේ.
මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා...
ඊලඟට ඉතින් Enable Light Background කියන එකට ටික් එකක් දාලHolo Light Background Image කියන එක click කරල කමති Photo එකක් crop කරල දාන්න, මේක ටිකක් සුදු පාට එකක් උනොත් හොඳයි වගේ
මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා...
Re-boot කරාට පස්සෙ තමයි ප්‍රතිඵල එන්නෙ හොඳේ...
මේක test කරේ Dialog K35 එකක
Special Thanks for Thilan Chandima
එහනම් මම ගියා... අලුත් පෝස්ටුවකින් හමුවෙමු...
ඔයාලට සුබ දවසක්...!!