Tuesday, August 5, 2014

Sony Xperia L එකට CWM ( ClockworkMod Recovery ) දාන්නෙ මෙහෙමයි

Sony Xperia L එකට CWM ( ClockworkMod Recovery ) දාන්නෙ මෙහෙමයි


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද ඔයාලට කියලදෙනව, Sony Xperia L ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට CWM ( ClockworkMod Recovery ) දාගන්නෙ කොහොමද කියල. මම කරල බලලයි ඔයාලට ඕනම දෙයක් කියල දෙන්නෙ. මගේ එකේ නම් සුපිරියටම වැඩ කරා.

මුලින්ම ඔයාලගෙ දුරකතනය රූට් කරගන්න වෙනව. දැනටමත් රූට් කරපු කට්ටිය නම් අවුලක් නෑ. රූට් කරල නැත්නම් මෙන්න මේ විදියට රූට් කරගන්නකො.

ඊලඟට තමයි යාළුවනේ වැඩේ තියෙන්නෙ. මෙන්න මේ දෙකත් මේගමන්ම බාගන්න.


01.Fastboot කියන Folder එක Extract කරගන්න.

02.Boot.img කියන Image File එකත් Extract කරගන්න.

03.FastbootC2105 Folder එක Open කරල, Boot.img කියන Image File එක Copy කරල FastbootC2105 Folder එකට දාගන්න.



04.ඔයාලගෙ දුරකථනයේ USB Debugging & Unknown Source on කරගන්න.

05.දුරකථනය Off කරල Battry එක ගලවල තත්පර 10කින් ආපහු දාන්න. දුරකථනය Power On කරන්න නම් එපා හොඳේ.

06.දුරකථනයේ Volume Up Button එක ඔබාගෙනම පරිඝනකයට සම්බන්ඳ කරන්න. දුරකථනයේ පහල නිල් පාට බල්ඩ් එක දැලුනාට පස්සෙ අත ගන්න. ඔයාලගෙ දුරකථනය Fastboot Mode එකෙන් පරිඝනකයට සම්බන්ඳ වෙලයි දැන් තියෙන්නෙ.



07. ඊලඟට FastbootC2105 Folder එකේ SHIFT + Right Click කරල Command Window එක Open කරගන්න.



08.Command Window එකේ " fastboot flash boot boot.img "හරියටම කරන්න. Enter කරන්න.


ඔන්න වැඩේ ඉවරයි යාළුවනේ. දැන් ඔයාලගෙ දුරකථනය පරිඝනකයෙන් විසන්දි කරල, Power On කරන්න. 

On වෙනකොට SONY ලෝගෝ එක ගාවදි රෝස පාටට LED එක දැල්වේවි. අන්න එතකොටම Volume Up Button එක හතර පස් වතාවක් ඔබන්න. දැන් ඔයාලට CWM Open වේවි.

ඕනම වෙලාවක වලට යන්නෙ මේ විදියට තමා. මොනව හරි ගැටලුවක් ආවොත් අහන්නකො. එහෙනම් මම යනව. අලුත් දෙයක් අරගෙන ආයෙත් එන්නම් කෝ.

ඔයාලට සුබ දවසක්...!!







1 comments:

Dhanuka Anjana said...

nage phone aka samsung i997 akak akatha android 4.0 danna kiyala danawada plz...?...rom akak gahala...

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com