Monday, July 28, 2014

බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන්න නියම site එකක් මෙන්න

බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන්න නියම site එකක් මෙන්න


ආයුබෝවන් යාළුවනේ,

ඉතින් යාළුවනේ ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ, ඔයාලගෙ බ්ලොග් එකේ Favicon එක, ඒකියන්නෙ බ්ලොග් එක open කරාම ඒ tab එකේ බ්ලොග් එකේ නමට වම් පැත්තෙන් තියෙන්නෙ පොඩි එකක් අන්න ඒක, වෙනස් කරන විදිය තමයි අද කියල දෙන්න යන්නෙ. 

වෙනස් කරන්න කලින් මෙන්න මෙහෙම තමයි ඔයාලගෙ Favicon එක ඇත්තෙ.



මෙතෙන්දි ඔයාලට තමන්ට කැමති favicon එකක් කැමති ආකාරයකට හදාගන්න, පින්තූරයක් ඔයාලගෙ පරිඝනකයෙන් Upload කරගන්න, තමන් හදන හෝ Upload කරන පින්තූරයට Animation එකක් දාගන්න, නැත්නම් මෙතන තියන Animation වලින් ලස්සන එකක් තෝරහන්නත් ඔයාලට නිදහස තියනව.

මුලින්ම මෙතනින් Site එකට යන්නකො. මේ විදියට තමයි Site එක එන්නෙ.


  1. අලුත් Favicon එකක් හදන්න
  2. පින්තූරයක් Upload කරන්න
  3. Site එකෙන් දෙනෙ අලුත්ම Favicon සඳහා පින්තූර
  4. Site එකෙන් දෙනෙ ජනප්‍රියම Favicon සඳහා පින්තූර
  5. Animation එකතුකරන්න
  6. Design කිරීමේදී වැරදීමක් වුනොත් අනවශ්‍ය කොටු මැකීමට
  7. වර්ණය වෙනස් කිරීමට

මෙතනින් තමයි ඉතින් ඔක්කොම වැඩ ටික දාන්න තියෙන්නෙ. මම නම් Favicon එකක් Design කරගත්ත. පේන විදිය අවුල් කියල කලබල වෙන්න එපා යාළුවනේ, බලන්නකො පහල තියන Preview එක. ඔය තියෙන්නෙ නියමෙටම නේද.


බලන්නකො Preview එක


මෙතනින් බාගත කරල ගන්නකො ඔයලගෙ Favicon එක. ඊට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකට ගිහින්, Layout වලට යන්නකො, එතනින් Favicon එක Edit කරල අර ඔයාල බාගත කරපු, Favicon එක මෙතනින් තෝරල Upload කරගන්න. Save කරල බ්ලොග් එක View කරල බලන්නකො වැඩේ හරිද කියල. මගේ නම් හරිගියේ නෑ.


ඒගැන බයවෙන්න එපා යාළුවනේ, මොන්න මෙහෙම කරාම ඕක ගොඩ දාගන්න පුලුවන්. මෙන්න මේ Site එකට ගිහින් Anonmouse Favicon Hosting කියන එක උඩ Click කරන්නකො.


ඊට පස්සෙ මෙතනින් ඔයාල අර කලින් බාගත කරපු Favicon එක තෝරල Upload කරගන්න.


ඊලඟට මෙන්න මේ පහල තියන Code එක Copy  කරල ගන්න.



ඊට පස්සෙ තියනව යාළුවනේ පොඩි වැඩක් කරන්න. ඔයාල බ්ලොග් එකේ Template වලට ගිහින්, Edit HTML වලට යන්න. එතනින් "Ctrl + F" ගහන්න. දකුනුපැත්තෙ උඩින් පොඩි box එකක් ඒවි. අන්න ඒකෙ </head> ගහල Enter කරන්න. එතකොට Template එකේ එක තැනක පොඩි ඊතලයකින් සටහන් වේවි මෙන්න මෙහෙම. 


දැන් ඔයාලට කරන්න තියෙන්නෙ, අර අපි Copy කරගත්තු Code එක මේ පොඩි ඊතලයට උඩින් Paste කරල, Save කරල, බ්ලොග් එක View කරල බලන්න.


මගේ නම් ගින්දර වගේ වැඩ...


ඔයාලත් කරලම බලන්නකෝ... ඔන්න එහෙනම් අපි ගියා...

ඔයලට සුබ දවසක්...!!






Sunday, July 20, 2014

මොකක්ද මේ කාටත් වැදගත් Dropbox

මොකක්ද මේ කාටත් වැදගත් Dropbox


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද කතාකරන්න හදන්නෙ අපි කාටත් ගොඩක් වැදගත් වෙන Dropbox ගැන විස්තර ටිකක්. Dropbox මගින් කෙරෙන්නෙ යාළුවනේ අන්තර්ජාලයේ තිබෙන විද්‍යුත් අවකාශයෙන් කොටසක් අපිට ලබාදීමයි. ඔයාලට ඔයාලගෙ වැදගත්, රහසිගත ඕනෑම තොරතුරක්, දත්තයක් Dropbox වල ඉතාමත් සුරක්ශිතව ගබඩා කරල තියන්න පුලුවන්. අපි ගිනුමක් ආරම්භ කරල වැඩේට බහිනකොටම අපිට 2.5GB ඉඩ ප්‍රමාණයක් ලැබෙනව. පස්සෙ ඔෆ්ෆෙර්ස් වලින් පුලුවන් මේ ප්‍රමාණය තවත් වැඩි කරගන්න. 

මෙන්න මෙතනින් ගිහින් ඔයාලත් Dropbox ගිනුමක් හදාගන්න

තමන්ගෙ PC එකෙන් විතරක් නෙවෙයි යාළුවනේ, ඔයලහෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් හෝ ටැබ්ලට් එකෙන් උනත් මේ ගිනුම ඉතම පහසුවෙන් පාලනය කරන්න පුලුවන්. ඒකත් ඉතින් කියල නිම කරන්න බැරි වාසියක් නේද යාළුවනේ, මොකද අපිට PC, ටැබ්ලට් ගෙනියන්න බැරි තැනක දුරකථනයෙන් උනත් පාලනය කරගන්න පුලුවන් නේ ගින්නක් නැතුව.

මෙන්න එහෙනම් PC or Laptop වලට් Dropbox මෘදුකාන්ගය අරගන්න 


Android app එක ඕන අය මෙතනින් ගන්නකො ඒකත්


එහෙනම් හරිනේ  යාළුවනේ... මම යනව එහෙනම් තවත් අලුත් දෙයක් ඔයාලට ගේන්න බලාපොරොත්තුවෙන්...

ඔයාලට සුබ දවසක්...!!

Thursday, July 17, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම


ආයුබෝවන් යාළුවනේ,

මම අද ඔයාලට කියලදෙන්න සූදානම් වෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම සම්බඳව කරුණු ටිකක්. අපි පිළිවෙලට දැනගමු යාළුවනේ, 
  1. මොකක්ද මේ රූට් කරනව කියන්නෙ
  2. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරහම අපිට මොනවද ලැබෙන්නෙ
  3. කොහොමද ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරන්නෙ
කියල.

මුලින්ම අපි බලමු, මොකක්ද මේ රූට් කරනව කියන්නෙ ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් රූට් කරහම අපිට මොනවද ලැබෙන්නෙ කියල.

රූට් කරනව කියල කියන්නෙ යාළුවනේ, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන්ගෙ අතට ගන්නව කියන එකයි. ඕනම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ගත්තහම, අපිට වැඩ කරන්න වෙන්නෙ Guiest කෙනෙක් විදියට, අපිට කවදාවත් Administrator කෙනෙක් විදියට වැඩ කරන්න ඒ සමාගම් ඉඩතියල නෑ. අපි කරන්නෙ මේක රූට් කරල Administrator කෙනෙක් විදියට, ඒ කියන්නෙ දුරකථනයේ සම්පුර්ණ පාලනය තමන්ගෙ අතට අරගෙන වැඩ කරන්න පුලුවන් විදියට හදාගන්න එකයි.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කරහම ගොඩාක් වාසි ත්හියනව යාළුවනේ, ඒ වගේම එකම එක අවාසියකුත් තියනව කියල මතක් කරන්නත් ඕන.

මුලින්ම රූට් කරහම තියන වාසි ගැන කතා කරල ඉමුකො,
  1. internal Memory එකට save වෙන apps, External Memory ( SD Card ) එකට move කරන්න පුලුවන්.
  2. අනවශ්‍ය System apps කරදරයක් නැතුවම අයින් කරගන්න පුලුවන්.
  3. වෙනත් දුරකථන වල System apps ( Boot Animation / Shutdown Animation )වගේ තමන්ගෙ දුරකත්නයට දාගන්න පුලුවන්.
  4. දුරකථන්යේ වේගය මදි වගේ නම් OverClock පාරක් දාගන්නත් බැරිකමක් නෑ.
  5. රූට් සඳහාම ඇති apps වලින් වැඩක් ගන්නත් පුලුවන්. ( දුරකථනය ලස්සන කරගැනීමට වගේ )
මෙන්න මේකයි යාළුවනේ තියන එකම අවාසිය,
  • රූට් කරාම දුරකථනයේ තියන වගකීම ( Warrenty ) අවලන්ගු වෙනව.
හරි අපි එහෙනම් බලමුකො ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය රූට කරන්නෙ කොහොමද කියල. මේකට පොඩි මෘදුකාන්ගයන් ඕන කරනව V-Root කියල. ඒකෙන් තමයි සම්පූර්ණම වැඩේ කරන්න තියෙන්නෙ.

මුලින්ම නවීන් නිසල් සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනව. මොකද මමත් මේ ක්‍රමය ඉගනගත්තෙ එයාගෙන් තමයි.

එහෙනම් අපි වැඩේට බහිමු, මුලින්ම මෙන්න මේ මෘදුකාන්ගය අරගෙන ඉන්නකො. 9MB වගේ තමයි ඇත්තෙ.


මේකෙ භාෂාව අවුල් නම් මෙන්නෙ English Virsion එක


අරගෙන PC එකට Install කරගන්නකො.


ඊට පස්සෙ ඔයාලගෙ දුරකතනයේ USB Debugging සහ Unknown Source on කරල, PC එකට Connect කරන්නකො. USB Debugging සහ Unknown Source, Settings වල තියනව හොඳේ.


ඔයාලට මේ ලොකු ඊතලෙන් පෙන්නල තියන තැන දුරකතනයේ නම පෙන්නවි. ඊට පස්සෙ පොඩි ඊතලේ තියන තැන තියන Button එක ඔබන්න. මගේ ලා පාටට තියෙන්නෙ මම රූට් කරල තියන නිසා හොඳේ. ඔයාලගෙ තද නිල් පාටින් පෙන්නවි.

වැඩේ ඉවර උනාම දුරකථනය Auto Re-boot වෙනව එකපාරක්. ඊට පස්සෙ බලන්නකො මෙන්න මේ විදියට icon එකක් ඔයාලගෙ දුරකථනයේ තියනවද කියලා.


දුරකථනයේ එන icon එක වෙනස් වෙන්න පුලුවන් යාළුවනේ හොඳද. මේ ක්‍රමයට ගොඩාක් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කරන්න පුලුවන්. ඔයාලත් බලන්නකො කරල, අනිවා පුලුවන් වෙයි. මේක තමයි රූට් වලට සාර්ථකම ක්‍රමය මම දන්න තරමින්. 

එහෙනම් ඔන්න මම ගියා... 

ඔයාලට සුබ දවසක්...!!







මොකක්ද මේ Xposed Installer..!!

මොකක්ද මේ Xposed Installer..!!


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද ඔයාලට කියලදෙන්න හදන්නෙ, Xposed Installer ගැන කරුණු ටිකක්. මොකක්ද යාළුවනේ මේ Xposed Installer කියන්නෙ..?? මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන්..?? හරි, මෙක ගැන දන්න අපේ යාළුවොත් ඇති, ඒ අයගෙ දැනුම වැඩි වෙන්නයි, මේක ගැන හාන්කවිසියක් වත් නොදන්න කස්ටියට දැනගන්නයි, මගේ මොනව හරි අඩුපාඩුවක් තියනව නම් ඒ අඩුපාඩු ටික හදාගන්නයි තමයි මේ වෑයම. හරි එහෙනම් මම Xposed Installer ගැන දන්න විස්තරේ ඔයාලට කියලදෙන්නම්කො,

ඉස්සෙල්ලම අපි බලමු Xposed Installer කියන්නෙ මොකක්ද, මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන් කියල, 
  • කොටිනම කියනව නම්, Xposed Installer කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ එක එක විකාර ගොඩක් කරන්න පුලුවන් මෘදුකාන්ගයක්. මේක භාවිතා කරල අපේ දුරකථනය ගොඩාක් ලස්සන කරගන්න පුලුවන්. කවුද අකමැති තමන්ගෙ දුක ලස්සනට තියාගන්න නේද..!!
අපි එහෙනම් බලමුකො මේක Install කරගන්නෙ කොහොමද කියල අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට

මේකට අනිවා රූට් කරල තියෙන්න ඕන. තාමත් රූට් කරගන්න බැරිඋනු ක්සටිය රූට් කරගෙනම ඉන්නකො එහෙනම්.


මුලින්ම Xposed Installer.apk  එක බාගතකරල ඔයාලගෙ දුරකථනයට දාල Normal apk එකක් විදියට Install කරගන්නකො. Install කරාම මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕන.


ඕක කරා කියල වැඩේ ඉවර නෑ හොඳේ, එහෙනම් Xposed Installer එක open කරල Framework කියන එක open කරගන්නකො.


ඊලඟට Install/Update කියන Button එක Click කරන්නකො, එතකොට මෙන්න මේ අන්ක කොල පාට වෙයි. එහෙම උනා නම් වැඩේ ගොඩ. 


එහෙනම් එකපාරක් Back කරල ආපහු Modules වලට යන්නකො.


ඊ ලඟට උඩ තියන Modules කියන එක click කරල Download කියන එකට යන්නකො.


Advanced Power Manu කියන එක ඔයාල දන්නවනේ, ඒක බොහොම පුන්චි එකක්. ඒකෙන් වෙන්නෙRe-boot & Screenshot කියන ඒව ඔයාලගෙ දුරකථනයේ Power Button එක එබුවහම එන Manu එකට අලුතෙන් එකතුවෙන එකයි. 

මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ඊට වඩා ටිකක් සන්කිර්ණ එකක් ගැන. මේකට කියන්නෙ XBlast Tools කියල. හරි අපි එහෙනම් බහිමුකො වැඩේට,

Download වලින් XBlast Tools for above Android 4.0.3+ කියන එකට යන්න. මේක ලොකු ලිස්ට් එකක් මෙකෙ කොහෙ හරි ඕක තියනව හොඳේ


එතනින් බාගත කරල normal apk එකක් වගේ Install කරගන්නකො එහෙනම්


එහෙම නැත්නම් apk එකක් ව්දියට අරගෙන Install කරගන්නකො.

මෙන්න තවත් ගොඩක් වැඩ දාන්න පුලුවන් Module කීපයක්
ඊට පස්සෙ ඔයල කලින් කලා වගේ Modules වලට යන්නකො, එතන තියන XBlast Tools එකට ටික් එකක් දාල තියෙන්න ඕන, නැත් නම් දැන් දාන්න.



ඔන්න ඒකත් ඉවරයි කියමුකො, මම එහෙනම් මේකෙන් කරන පොඩි වැඩකුත් කියල දෙන්නම්කො අපේ කස්ටියට. එතකොටනෙ වැඩේ සම්පූර්ණ වෙන්නෙ නේද යාළුවනේ. 

කස්ටිය එහෙනම් apps වලින් XBlast Tools open කරගන්න්කො.


ඊලඟට ඒකෙ ටින Visual Tweakes කියන එක open කරන්නකො.


ඊට පස්සෙ ඒකෙ තියනව Holo Theme කියල ඒකක් අන්න ඒකට යන්න.


ඊලඟට එන Dark theme, Light theme කියන දෙකෙන් Dark theme කියන් එක ගන්නකො.


ඊගාවට Enable Holo Dark Background කියන එකට ටික් එකක් දාල Holo Dark Background Image කියන එක click කරල කැමති Photo එකක් crop කරල දාගන්න, මේක ටිකක් අඳුරු එකක් උනොත් හොඳයි වගේ.


මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා...



ඊලඟට ඉතින් Enable Light Background කියන එකට ටික් එකක් දාලHolo Light Background Image කියන එක click කරල කමති Photo එකක් crop කරල දාන්න, මේක ටිකක් සුදු පාට එකක් උනොත් හොඳයි වගේ


මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා...


Re-boot කරාට පස්සෙ තමයි ප්‍රතිඵල එන්නෙ හොඳේ...
මේක test කරේ Dialog K35 එකක

Special Thanks for Thilan Chandima

එහනම් මම ගියා... අලුත් පෝස්ටුවකින් හමුවෙමු...

ඔයාලට සුබ දවසක්...!!






















Monday, July 14, 2014

ලියපු බ්ලොග් පෝස්ට් එක DELETE උනාද...??

ලියපු බ්ලොග් පෝස්ට් එක DELETE උනාද...??


ආයුබෝවන් යාළුවනේ,

පනදාගෙන ලියාගෙන යන, එහෙම නැත්නම් ලියපු පොස්ටුවක් Delete උනාම තියන දුක, වේදනව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ යාළුවනේ නේද. ඔන්න ගෙනාව ඒකට නියම විසඳුමක්. මේකෙන් පුලුවන් වැඩේ ගොඩ දාගන්න. ඔන්න අද ඉඳන් පොස්ට් Delete උනාට නම් බයවෙන්න දෙයක් නෑ. මමත් මේ ක්‍රමේට තමයි වැඩේ ගොඩ දාගත්තෙ. මට වගේම ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියල හිතලයි ඔයාලටත් කියලදෙන්න අදහස් කරේ. හැමෝටම නැතත් අපේ බ්ලොග් ලියන යාළුවන්ට නම් ගොඩක් වැදගත් වෙනව සිකුරුයි. හරි අපි එහෙනම් බලමුකො වැඩේ කරන්නෙ කොහොමද කියලා,  

 ඔයාල භාවිතා කරන web browser එකේ History වලට යන්නකො. මම නම් භාවිතා කරන්නෙ Google Chrome ( Ctrl + H ගැහුවත් හරි )

මෙතනින් කොහොම හරි සොයාගන්න ඕන ඔයාලගෙන් Delete වෙච්ච පෝස්ට් එක Edit කරපු ලින්කුව. බ්ලොග් පෝස්ට් වලට සම්බඳ ලින්කු එක එක Click කර කර බලන්න. 

හරි ලින්කුව ආවහම අර Delete වෙච්ච පෝස්ට් එක New Tab එකකින් open වෙයි. ඒත් ඔයාලට ඒක එහෙමම Publish කරන්න දෙන්නෙ නෑ, මොකද පෝස්ට් එක Delete වෙලානෙ තියෙන්නෙ.

ඒකට විසඳුම මෙන්න මේකයි යාළුවනේ,

ඔයාලගෙ බ්ලොග් එකේ අලුතෙන් පොස්ට් එකක් ලියන්න අරගන්න.

දැන් අර ලින්කුවෙන් open කරගත්තු පොස්ට් එකෙන් copy කර කර paste කරල අලුත් පොස්ටුව හදාගන්න. ඔයාලගෙන් Delete වෙච්ච පොස්ට් එකේ දාල තිබුනු ලින්කුත් copy වෙනව ගේමක් නැතුව, ඒ වගේම ඒව කිසි අවුලක් නැතුව වැඩකරනව, ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ හොඳේ.

එහෙනම් ඔන්න වැඩේ අහවරයි, අලුත් පෝස්ටුව Publish කරල බලන්නකෝ. එකෙනම් මම ගියා...

ඔයාලට සුබ දවසක්...!!








Anycall Samsung Galaxy S2 එක International කරන්නෙ මෙහෙමයි

Anycall Samsung Galaxy S2 එක International කරන්නෙ මෙහෙමයි


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ Anycall Samsung Galaxy S2 එක කොහොමද International Samsung Galaxy S2 එකක් බවට පත් කරගන්නෙ කියල. මුලින්ම අපි පොඩ්ඩක් බලමු, Anycall Samsung Galaxy S2 එකක් හඳුනාගන්නෙ කොහොමද, ඇයි මේක International කරගන්න මෙච්චර කස්ටිය දඟලන්නෙ, මොනවද anycall එකකට වඩා International එකේ තියන වෙනස්කම් සහ වාසි කියල. 

මුලින්ම අපි බලමු බැලූ බැල්මට එකක් Anycall Samsung Galaxy S2 හඳුනාගන්නෙ කොහොමද කියල, 
  • ඒරියල් එකක් තියනව
  • Camara එකට පොඩ්ඩක් පහලින් ලාන්ඡනය තියනව
  • Manu එක එබුවම කොරියන් Apps ගොඩාක් ඇති. කොරියන් භාශාවෙන් තමයි ඒව තියෙන්නෙ
  • ICS ( Ice-cream Sandwitch ) තමයි මෙහෙයුම් පද්දතිය තියෙන්නෙ
  • SMS එකක කොටන්න පුලුවන් අකුරු 180ක් විතරයි
  • Battry Contacts පිහිටල තියෙන්නෙ Battry එකේ විරුද්ද පැත්තෙන් ( සාමන්‍ය S2 Battry එකක battry Contacts දකුණු පැත්තෙන් තියනව නම්, Anycall වල තියෙන්නෙ වම් පැත්තෙන් )
ඊලඟට බලමු , ඇයි මේක International කරගන්න මෙච්චර කස්ටිය දඟලන්නෙ, මොනවද anycall එකකට වඩා International එකේ තියන වෙනස්කම් සහ වාසි කියල
  • SMS ප්‍රශ්නය නිවරදිව හදාගන්න පුලුවන්
  • Anycall වල තියන වදකාර කොරියන් ලෝඩ් එකම අයින්වෙනව
  • මෙහෙයුම් පද්දතිය International එකක් වගේම Jelly bean වෙනව ( ඒරියල් එකයි Back Cover එකයි අයින් කරල, International  එකක Housing එකක් දැම්මොත් නම් අයෙ පිටින් බලල අන්දුරන්නම බෑ  )
  • On වෙන්නෙත් International එකක් වගේමයි
  • International Samsung Galaxy S2 එකට එන Custom Rom එකක් ගහල Kit Kat උනත් දාගන්න පුලුවන්
හරි එහෙනම් පොඩිහරි දැනීමක් ආවනේ ඔයාලට, එහෙනම් අපි වැඩේට බහිමු කෙලෙන්ම

මුලින්ම ඔයාලගෙ දුරකථනයේ Contacts, SMS වගේ එව backup කරගෙන ඉන්නකො. ඔන්න කියුවෙ නෑ කියන්න එපා හොඳේ.

මේ වැඩේට මෙන්න මේකත් හොඳ එකක්. ( PlayStore ලින්කුව )

ඊලඟට මෙන්න මේ ටික බාහත කරගෙන ඉන්නකො
  1. International Jelly bean 4.1.2 Firmware එක මෙතනින් බාගන්න 
  2. PIT File එක මෙතනින් බාගන්න
  3. ODIN මෘදුකාන්ගය මෙතනින් බාගන්න
  4. Samsung UBB Drivers මෙතනින් බාගන්න
මුලින්ම Samsung UBB Drivers ඔයාලගෙ පරිඝනකයට ස්ථාපනය කරගන්නකො.

දුරකථනයේ Battry 80% වත් තියෙන්න ඕන, මොකද වැඩේ කරන අතරෙදි Battry බැස්සොත් වැඩේ කෙලවෙනව හොඳේ.

ඒ ටික හරි නම් දුරකථනය off කරල battry එක ගලවල තත්පර 10 කින් අපහු දාන්න. ( දුරකථනය on කරන්න එපා හොඳේ )

දැන් දුරකථනය Download mode එකට ගන්න ඕන

  • Volume down + Home key + Power button එකට ඔබාගෙන දුරකථනය පරිඝනකයට සම්බඳ කරන්න. එතකොට මෙන්න මෙහෙම පෙනේවි display එකේ 

දැන් Volume up key එක ඔබන්න, ඔන්න ඔයාලගෙ දුරකතනය Download mode එකට ඇවිල්ල තියෙන්නෙ


දැන් ODIN මෘදුකාන්ගය open කරගන්නකො ( මතක ඇතුව Run as Administrator දෙන්න හොඳේ ) මගේ තියෙන්නෙ windows 7.

බලන්න ODIN එකේ ID:COM වලට පහලින් තියන කොටුව කහ පාට වෙලාද කියල, එහෙම වෙලා න්ම් වැඩේ ගොඩ.

ODIN එකේ PIT කියන Button එක Click කරල ඔයාල බාගනිපු PIT file එක තොරල දෙන්න.

ඒ වගේම PDA කියන Button එක Click කරල ඔයාල බාගනිපු jelly bean Firmware එක තොරල දෙන්න. ( ඔයාල බාගනිපු Firmware එක Extract කරාම තියන file එකයි මෙතෙන්ට දෙන්නෙ හොඳේ )

එහෙනම් ආයෙත් ODIN එකේ බලන්න Re-Partition, Auto Reboot & F.Reset Time . එවට Tick දාල නැත්නම් දැන් Tick දාන්න

ඔක්කොම හරිද කියල තවත් සැරයක් බලල එහෙම Start Button එක ඔබන්නකො


දැන් flas වෙන්න පටන් ගනීවි, වැඩේ අවසන් උනහම දුරකතනය Auto Reboot වෙවි. පලවෙනි වතාව වෙන්න ටිකක් වෙලා යනව යාළුවනේ හොඳේ.

දැන් බලන්න Power Button එක ඔබපු ගමන් Power off වෙනවද කියල, හරි එහෙනම් එකත් මේ ගමන්ම හදාගමුකො

මේ Update.zip එක බාගන්න
  1. මේක දුරකතන්යේ  SD card එකට දාගන්න
  2. ආපහු Recovery වලට යන්න, ( Volume down + Home key + Power button  )
  3. දැන් Apply zip from sd card තෝරල අර Update.zip එක තෝරල දෙන්නෙ
  4. ඒක flash වෙලා ඉවර උනහම Reboot තෝරන්න. ( දුරකතනය on වේවි )
Root Explorer මෙතනින් බාගන්න
  1. Root explorer open කරලා  /efs/imei කියන folder එකට යන්න
  2. දැන් Manu එක ඔබලා Create New file ගිහින් file එකක් හදන්න
  3. ඒක නම් කරන්න keystr කියල
  4. දැන් ඒ හදපු file එක උඩ tourch කරගෙන ඉන්න්කො ටිකක්
  5. එන Manu එකෙන් Open in text editor කියන එක දෙන්න
  6. දැන් ON කියලා type කරලා save කරන්න
  7.  ඊට පස්සෙ Permission හදන්න ඔන, අරවිදියටම tourch කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න.
  8.  දැන් එකත් ඉවරයි දුරකතනය Reboot කරන්න
පූර්ණ අවදානම ඔබ සතුවේ...!!!

ඔන්න එහෙනම් ඔක්කොම ටික හරි... ගැටළුවක් තියනව නම් අහන්නකෝ... මම ගියා එහෙනම්...

ඔයාලට සුබ දවසක්...!!





SONY දුරකථන වලට Stock Rom එක ගහන්නෙ මෙහෙමයි

SONY දුරකථන වලට Stock Rom එක ගහන්නෙ මෙහෙමයි


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න හදන්නෙ SONY දුරකථන වලට Stock Rom එක ගහන්නෙ කොහොමද කියල. මොකක්ද යාළුවනේ මේ Stock Rom එකක් කියන්නෙ? Stock Rom එකක් කියන්නෙ, දුරකථනයට නිල වශයෙනම දීල තියන Rom එකකට. දැන් මෙහෙම බලන්නකො, SONY Xperia L එක ගන්න, මේක ගන්නකොටම තියෙන්නෙ 15.3.A.1.14 යටතේ එන ඇන්ඩ්‍රොයිඩ් සන්ස්කරණය. අන්න ඒක තමයි එකේ Stock Rom එක වෙන්නෙ. ඒත් දැන් අලුත් සන්ස්කරණයක් ඇවිල්ල තියනව 15.3.A.1.17 කියල. ඒකත් නිල වශයෙන්ම නිකුත් කරපු එකක්. අන්න ඒ නිසා ඒකත් Stock Rom එකක් වෙනව. අපිට 15.3.A.1.14 සන්ස්කරණය තියන දුරකඨනයකට 15.3.A.1.17 සන්ස්කරණය උනත් කිසි අවුලක් නැතුව දාගන්න පුලුවන්, මොකද ඒ දෙකම නිල වශයෙන් නිකුත් කරපු Stock Rom වන නිසා.

අපි දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියල, මේක කරන්න අපිට ඕන කරනව පොඩි මෘදුකන්ගයක් Flash Tool කියල. ඒකෙන් තමයි සම්පූර්න ගේම ගහන්න තියෙන්නෙ. ( මේ ක්‍රමයට ඕනෑම දුරකතනයකට ගහන්න පුලුවන් හොඳේ )හරි, එහෙනම් වැඩේට බහිමු මුල ඉඳලම.

මුලින්ම Flash Tool  එක අරගෙන ඉන්නකො. අරගෙන Install කරගන්න.

ඊලඟට "SONY adb drivers" කියල driver එකක් ඕන වෙනව යාළුවනේ මේ වැඩේ කරන්න නම්. දුරකථනයේ model එක ගහල මේ driver එක පහසුවෙන් සොයගන්න පුලුවන් අන්තර්ජාලයෙන්.

Eg : SONY xperia L adb drivers ( search )

හරි එහෙනම්,
  1. ඔයාලගෙ Computer එකේ "C" drive එකට ගිහින්, Flash Tool folder එක open කරගන්නකො.
  2. Flash Tool folder එක open කරාම ඔයාලට "drivers" කියල තවත්  folder එකක් තියනව පෙනෙවි. 
  3. "drivers" folder එක ඇතුලට ගියාම "flashtool-drivers" කියල setup file එකක් තියනව, අන්න ඒක normal විදියට install කරගන්න. ( තමන්ගෙ phone model එකටයි, Flashmoode Drivers වලටයි ටික් දාන්න හොඳේ )
  4. ඊට පස්සෙ ආපස්සට ඇවිල්ල "firmwares" folder එකට යන්න. ඒකෙ "X10_V1_BLRelock.ftf" කියල එකක් තියනව, ඒක ගනන් ගන්න එපා ඒක ඔහෙ තිබුනාවෙ.
  5. දැන් මෙතනින් ගිහින් ඔයාලගෙ SONY දුරකථනයට අදාල Rom එකේ නවතම සන්ස්කරණය බාගන්නකො.
  6. ඔයාල බාගතකරපු ftf file එක මේ කියන "firmware" folder එකට copy කරගන්නකො. එහෙනම් වැඩේ ඉවරයි, window එක කරලදාන්න.
ඔන්න මූලික වැඩ ටික ඉවරයි, ඊලඟ වැඩ ටිකට බහිමුකො එහෙනම්,

මුලින්ම ඔයාලගෙ දුරකථනයේ Unknown Sources & USB Debugging on කරල පරිඝනකයට සම්බඳ කරගන්නකො එකක් මගින්

කොහොමද යාළුවනේ මෙක කරන්නෙ..!! හරි දන්නෙ නැති කස්ටියට මම ඒකත් කියල දෙන්නම්කො,

Unknown Sources 
  1. මුලින්ම දුරකතනයේ Settings වලට යන්නකො
  2. Settings වල Security වලට යන්න
  3. දැන් Unknown Sources ඉස්සරහ තියන කොටුවෙ Tic එකක් දාන්න. ඔන්න ඒක හරි.

USB  Debugging 

මුලින්ම ඔයාල වලට Settings  වලට ගිහින් බලන්න Developer Option  කියල එකක් තියනවද කියල. ( About Phone වලට උඩින් ඇත්තෙ ) තියනව නම් අවුලක් නෑ. 
නැත්නම් මෙහෙම කරල ගන්න පුලුවන්,
  1. Settings වල About Phone වලට යන්නකො.
  2. ඒකෙ Build Number කියන එක උඩ කීපසැරයක් Tap කරන්න එතකොට ඔයාලට පෙනේවි Developer Option is available කියල වගේ message එකක්.
  3. දැන් Developer Option වලට යන්න.
  4. දැන් USB Debugging ඉස්සරහ තියන කොටුවෙ Tic එකක් දාන්න. ඔන්න ඒකත් හරි.

දැන් Flash Tool open කරගන්න


( රතු පටින් වැටිල තියන ඒව ගනන්ගන්න එපා )

ඊලඟට ඔය වම් පැත්තෙ උඩ් තියන අකුනක් වගේ Button එක ඔබල Flash mode Tic කරල open කරන්න 


මෙතනින් ඔයාල firmware folder එකට copy කරපු ftf fileඑක තෝරල flash කරන්න


ඊලඟට,
  1. ඔයාලගෙ දුරකතනය පරිඝනකයෙන් විසන්දි කරන්න
  2. දුරකතනය off කරල විනාඩි 5ක් විතර තියන්න
  3. ඊලඟට දුරකතනයේ "Volume Down" Button එක ඔබාගෙන පරිඝනකයට සම්බඳ කරන්න.
  4. ඔයාලගෙ දුරකථනයේ කොල පාට බල්බ් එකක් දැල්වෙනවත් එක්කම flash වීම ආරම්භවෙවි.
ඔන්න එහෙනම් වැඩේ අහවරයි. Flash වෙලා ඉවර උනම Flash Tool එකේ වැටේවි Flash වෙල ඉවරයි, දුරකථනය විසන්දිකර on කරන්න කියල.

පළවෙනි පාර on වෙන්න ටිකක් වෙලා යාවි, ඒ ගැන කලබල වෙලා බැටරිය එහෙම නම් ගලවන්න යන්න එපා හොඳේ.

පූර්ණ අවාදනම ඔබ සතුවේ...!!! 

ඔන්න එහෙනම් මම ගියා, අලුත් පෝස්ටුවකින් හමුවෙමු.

ඔයාලට සුබ දවසක්...!!





Thursday, July 10, 2014

බ්ලොග් එකට Digital ඔරලෝසුවක්

බ්ලොග් එකට Digital ඔරලෝසුවක්


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න අදත් අරගෙන ආව ඔයාලට ඔයාලගෙ බ්ලොග් එකට ඔරලෝසුවක් දාන්න ක්‍රමයක්. කවුරුත් ආසයිනේ තමන්ගෙ බ්ලොග් එක ලස්සනට තියාගන්න නේද. හරි, එහෙනම් මම කියල දෙන්නම් වැඩේ කොහොමද කරන්නෙ කියලා

මුලින්ම මෙන්න මේ ලින්කුවට ගිහින් Digital කියන එක තෝරන්නකො. එතකොට ඔයාලට එක එක ජාතිය Digital ඔරලෝසු ගොඩාක් පෙනෙයි.



මෙතනින් ඔයාල කැමති ඔරලෝසුවක් තෝරගෙන ඒකට පහලින් තියන View HTML Tag Click කරන්නකො.


ඊට පස්සෙ මෙහෙම එනව, මේකත් Accept කරල ඉස්සරහට යන්නකො


මෙතෙන්දි ඔයාලට පුලුවන් ඔරලෝසුවෙ පාට, රට, නගරය, ඔරලෝසුවේ ප්‍රමාණය වගේ ඒව වෙනස් කරගන්න.ඒ ටික හදාගෙන එහෙම පලවෙනි code එක copy කරල ගන්නකො


හරි, එහෙනම් ඔයාලගෙ බ්ලොග් එකට ගිහින් Layout වල Add  Gadget click කරල HTML / JavaScript තෝරල, අර copy කරගෙන ආපු code එක paste කරන්නකො මෙන්න මෙහෙම


දැන් එහෙනම් වැඩේ හරි, save කරල බ්ලොග් එක open කරල බලන්නකො. මගේ නම් මෙන්න මේ වගේ ලස්සනට පෙන්නනව


එහෙනම් තවත් දවසක අලුත් පෝස්ටුවකින් මුනගැහෙමු යාළුවනේ,

ඔයාලට සුබ දවසක්...!! 











Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com