බ්ලොග් එකේ Favicon එක වෙනස් කරන්න නියම site එකක් මෙන්න
ආයුබෝවන් යාළුවනේ,
ඉතින් යාළුවනේ ඔන්න මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ, ඔයාලගෙ බ්ලොග් එකේ Favicon එක, ඒකියන්නෙ බ්ලොග් එක open කරාම ඒ tab එකේ බ්ලොග් එකේ නමට වම් පැත්තෙන් තියෙන්නෙ පොඩි එකක් අන්න ඒක, වෙනස් කරන විදිය තමයි අද කියල දෙන්න යන්නෙ.
වෙනස් කරන්න කලින් මෙන්න මෙහෙම තමයි ඔයාලගෙ Favicon එක ඇත්තෙ.
මෙතෙන්දි ඔයාලට තමන්ට කැමති favicon එකක් කැමති ආකාරයකට හදාගන්න, පින්තූරයක් ඔයාලගෙ පරිඝනකයෙන් Upload කරගන්න, තමන් හදන හෝ Upload කරන පින්තූරයට Animation එකක් දාගන්න, නැත්නම් මෙතන තියන Animation වලින් ලස්සන එකක් තෝරහන්නත් ඔයාලට නිදහස තියනව.
මුලින්ම මෙතනින් Site එකට යන්නකො. මේ විදියට තමයි Site එක එන්නෙ.
- අලුත් Favicon එකක් හදන්න
- පින්තූරයක් Upload කරන්න
- Site එකෙන් දෙනෙ අලුත්ම Favicon සඳහා පින්තූර
- Site එකෙන් දෙනෙ ජනප්‍රියම Favicon සඳහා පින්තූර
- Animation එකතුකරන්න
- Design කිරීමේදී වැරදීමක් වුනොත් අනවශ්‍ය කොටු මැකීමට
- වර්ණය වෙනස් කිරීමට
මෙතනින් තමයි ඉතින් ඔක්කොම වැඩ ටික දාන්න තියෙන්නෙ. මම නම් Favicon එකක් Design කරගත්ත. පේන විදිය අවුල් කියල කලබල වෙන්න එපා යාළුවනේ, බලන්නකො පහල තියන Preview එක. ඔය තියෙන්නෙ නියමෙටම නේද.
බලන්නකො Preview එක
මෙතනින් බාගත කරල ගන්නකො ඔයලගෙ Favicon එක. ඊට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකට ගිහින්, Layout වලට යන්නකො, එතනින් Favicon එක Edit කරල අර ඔයාල බාගත කරපු, Favicon එක මෙතනින් තෝරල Upload කරගන්න. Save කරල බ්ලොග් එක View කරල බලන්නකො වැඩේ හරිද කියල. මගේ නම් හරිගියේ නෑ.
ඒගැන බයවෙන්න එපා යාළුවනේ, මොන්න මෙහෙම කරාම ඕක ගොඩ දාගන්න පුලුවන්. මෙන්න මේ Site එකට ගිහින් Anonmouse Favicon Hosting කියන එක උඩ Click කරන්නකො.
ඊට පස්සෙ මෙතනින් ඔයාල අර කලින් බාගත කරපු Favicon එක තෝරල Upload කරගන්න.
ඊලඟට මෙන්න මේ පහල තියන Code එක Copy කරල ගන්න.
ඊට පස්සෙ තියනව යාළුවනේ පොඩි වැඩක් කරන්න. ඔයාල බ්ලොග් එකේ Template වලට ගිහින්, Edit HTML වලට යන්න. එතනින් "Ctrl + F" ගහන්න. දකුනුපැත්තෙ උඩින් පොඩි box එකක් ඒවි. අන්න ඒකෙ </head> ගහල Enter කරන්න. එතකොට Template එකේ එක තැනක පොඩි ඊතලයකින් සටහන් වේවි මෙන්න මෙහෙම.
දැන් ඔයාලට කරන්න තියෙන්නෙ, අර අපි Copy කරගත්තු Code එක මේ පොඩි ඊතලයට උඩින් Paste කරල, Save කරල, බ්ලොග් එක View කරල බලන්න.
මගේ නම් ගින්දර වගේ වැඩ...
ඔයාලත් කරලම බලන්නකෝ... ඔන්න එහෙනම් අපි ගියා...
ඔයලට සුබ දවසක්...!!
1 comments:
ෆට්ට ඈ තෑන්ක්ස්
Post a Comment