Thursday, July 17, 2014

මොකක්ද මේ Xposed Installer..!!

මොකක්ද මේ Xposed Installer..!!


ආයුබෝවන් යාළුවනේ,

ඔන්න මම අද ඔයාලට කියලදෙන්න හදන්නෙ, Xposed Installer ගැන කරුණු ටිකක්. මොකක්ද යාළුවනේ මේ Xposed Installer කියන්නෙ..?? මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන්..?? හරි, මෙක ගැන දන්න අපේ යාළුවොත් ඇති, ඒ අයගෙ දැනුම වැඩි වෙන්නයි, මේක ගැන හාන්කවිසියක් වත් නොදන්න කස්ටියට දැනගන්නයි, මගේ මොනව හරි අඩුපාඩුවක් තියනව නම් ඒ අඩුපාඩු ටික හදාගන්නයි තමයි මේ වෑයම. හරි එහෙනම් මම Xposed Installer ගැන දන්න විස්තරේ ඔයාලට කියලදෙන්නම්කො,

ඉස්සෙල්ලම අපි බලමු Xposed Installer කියන්නෙ මොකක්ද, මේකෙන් අපිට මොනවද කරන්න පුලුවන් කියල, 
  • කොටිනම කියනව නම්, Xposed Installer කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ එක එක විකාර ගොඩක් කරන්න පුලුවන් මෘදුකාන්ගයක්. මේක භාවිතා කරල අපේ දුරකථනය ගොඩාක් ලස්සන කරගන්න පුලුවන්. කවුද අකමැති තමන්ගෙ දුක ලස්සනට තියාගන්න නේද..!!
අපි එහෙනම් බලමුකො මේක Install කරගන්නෙ කොහොමද කියල අපේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට

මේකට අනිවා රූට් කරල තියෙන්න ඕන. තාමත් රූට් කරගන්න බැරිඋනු ක්සටිය රූට් කරගෙනම ඉන්නකො එහෙනම්.


මුලින්ම Xposed Installer.apk  එක බාගතකරල ඔයාලගෙ දුරකථනයට දාල Normal apk එකක් විදියට Install කරගන්නකො. Install කරාම මෙන්න මේ වගේ තමයි තියෙන්න ඕන.


ඕක කරා කියල වැඩේ ඉවර නෑ හොඳේ, එහෙනම් Xposed Installer එක open කරල Framework කියන එක open කරගන්නකො.


ඊලඟට Install/Update කියන Button එක Click කරන්නකො, එතකොට මෙන්න මේ අන්ක කොල පාට වෙයි. එහෙම උනා නම් වැඩේ ගොඩ. 


එහෙනම් එකපාරක් Back කරල ආපහු Modules වලට යන්නකො.


ඊ ලඟට උඩ තියන Modules කියන එක click කරල Download කියන එකට යන්නකො.


Advanced Power Manu කියන එක ඔයාල දන්නවනේ, ඒක බොහොම පුන්චි එකක්. ඒකෙන් වෙන්නෙRe-boot & Screenshot කියන ඒව ඔයාලගෙ දුරකථනයේ Power Button එක එබුවහම එන Manu එකට අලුතෙන් එකතුවෙන එකයි. 

මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නෙ ඊට වඩා ටිකක් සන්කිර්ණ එකක් ගැන. මේකට කියන්නෙ XBlast Tools කියල. හරි අපි එහෙනම් බහිමුකො වැඩේට,

Download වලින් XBlast Tools for above Android 4.0.3+ කියන එකට යන්න. මේක ලොකු ලිස්ට් එකක් මෙකෙ කොහෙ හරි ඕක තියනව හොඳේ


එතනින් බාගත කරල normal apk එකක් වගේ Install කරගන්නකො එහෙනම්


එහෙම නැත්නම් apk එකක් ව්දියට අරගෙන Install කරගන්නකො.

මෙන්න තවත් ගොඩක් වැඩ දාන්න පුලුවන් Module කීපයක්
ඊට පස්සෙ ඔයල කලින් කලා වගේ Modules වලට යන්නකො, එතන තියන XBlast Tools එකට ටික් එකක් දාල තියෙන්න ඕන, නැත් නම් දැන් දාන්න.



ඔන්න ඒකත් ඉවරයි කියමුකො, මම එහෙනම් මේකෙන් කරන පොඩි වැඩකුත් කියල දෙන්නම්කො අපේ කස්ටියට. එතකොටනෙ වැඩේ සම්පූර්ණ වෙන්නෙ නේද යාළුවනේ. 

කස්ටිය එහෙනම් apps වලින් XBlast Tools open කරගන්න්කො.


ඊලඟට ඒකෙ ටින Visual Tweakes කියන එක open කරන්නකො.


ඊට පස්සෙ ඒකෙ තියනව Holo Theme කියල ඒකක් අන්න ඒකට යන්න.


ඊලඟට එන Dark theme, Light theme කියන දෙකෙන් Dark theme කියන් එක ගන්නකො.


ඊගාවට Enable Holo Dark Background කියන එකට ටික් එකක් දාල Holo Dark Background Image කියන එක click කරල කැමති Photo එකක් crop කරල දාගන්න, මේක ටිකක් අඳුරු එකක් උනොත් හොඳයි වගේ.


මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා...



ඊලඟට ඉතින් Enable Light Background කියන එකට ටික් එකක් දාලHolo Light Background Image කියන එක click කරල කමති Photo එකක් crop කරල දාන්න, මේක ටිකක් සුදු පාට එකක් උනොත් හොඳයි වගේ


මෙන්න මෙච්චර වෙලා කරපු වැඩේ ප්‍රතිඵල, බලන්නකො කොහොමද කියලා...


Re-boot කරාට පස්සෙ තමයි ප්‍රතිඵල එන්නෙ හොඳේ...
මේක test කරේ Dialog K35 එකක

Special Thanks for Thilan Chandima

එහනම් මම ගියා... අලුත් පෝස්ටුවකින් හමුවෙමු...

ඔයාලට සුබ දවසක්...!!






















8 comments:

Dhanuka Anjana said...

mama root nam kara aka hari mage android Xposed Installer.apk aka wada karanna ne na aka android 2.3.6 na akatha vikal payak nadda...?....

Unknown said...

ධනුක, මම දන්න තරමින් නම් Xposed Installer තියෙන්නෙ ICS වලින් ඉහලට වගේ. පොඩ්ඩක් Google PlayStore එකේ Search කරල බලන්න. Android 2.3.6 GB වලට තියනව නම් අනිවා එකේ තියෙන්න ඕන.

Unknown said...

මේ ලින්ක් එක Try කරල බලන්න යාළුවා. වැදගත් වෙයි...
https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=xposed%20installer%20for%20android%202.3.6

Anonymous said...

mcn ara install/ update eka obnakota pn eka restart una. ai e. mat kelawei kiyala hithila wade nawaththuwa

Anonymous said...

phone eka s3mini international

Unknown said...

ආපහු එතෙන්ටම ගිහින් බලන්නකො කොල පාටින් ඉලක්කම් 2ක් වැටිල තියනවද කියල. එතන තියෙන්නෙ මොකක්ද කියල මට කියන්න.

Anonymous said...

hari mcn wade goda

Unknown said...

සන්තෝසයි යාළුවා...
සුබපැතුම්..!!

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Nipuna Ranga Kandawurukula | Galle Sri Lanka - Contact | nrkandawurukula@gmail.com